← BACKSport

ලෝක කුසලාන අවසන් පූර්ව වටය කොළඹට? 🏏

BY DhanushPUBLISHED FEBRUARY 25, 20261 MIN READ0 COMMENTS

​ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙන්න සුබ ආරංචියක්!

2026 විස්සයි-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ සත්කාරකත්වය ගැන ICC යෙන් විශේෂ තීරණයක් ලැබී ඇති බව වාර්තා වෙනවා. 🏟️🔥

​මොකක්ද මේ අලුත්ම කතාව?

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත්, එම තීරණාත්මක තරගය අපේම මව්බිමේදී, එනම් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත! 🤩

​මෙය සිදුවන ආකාරය මෙන්න: 👇

​✅ පකිස්ථානය ඉවතට ගියොත්:
පකිස්ථානය අවසන් 4 දෙනා අතරට ඒමට අපොහොසත් වී, අපේ සිංහ පැටවුන් සුදුසුකම් ලැබුවහොත් මාර්තු 4 වනදා පළමු අවසන් පූර්ව තරගය (Semi-Final 1) කොළඹදී පැවැත්වේ.

✅ පකිස්ථානය ආවොත්:
පකිස්ථානය සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට කොළඹදී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.

✅ නැතිනම් ඉන්දියාවට:
දෙරටම සුදුසුකම් නොලැබුවහොත් පළමු අවසන් පූර්ව තරගය කොල්කටා වෙතත්, දෙවැන්න මුම්බායි වෙතත් මාරු කෙරේ.

​ඉතින්, අපේ කොල්ලෝ ටික කොළඹ පිරෙන්න ඉන්න ප්‍රේක්ෂකයෝ ඉස්සරහා ලෝක කුසලාන Semi-Final එකක් ගහනවා බලන්න ඔබත් ආසයි නේද? 😍🇱🇰

හැබැයි කොළඹ R. පේමදාස ක්‍රීඩාංගණයෙදි ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම පරාජයන් කිහිපයක් ලැබූ බවත් අමතක කරන්න බෑ.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *