← BACKEconomy

මාස ගණනක බලාගෙන හිටිය සිය ගණනකට දැන් බාධාවකින් තොරව නිවාස ඉදිකරන්න පුළුවන්!

BY DhanushPUBLISHED FEBRUARY 7, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ නිවාස හිඟයට විසඳුමක් විදියට 2026 ජනවාරි 15 වැනිදා සිට granny flats (කුඩා නිවාස) building consent නැතිවම ඉදිකරන්න නීතියක් ක්‍රියාත්මක වුණා. මේ නිසා හැමෝටම තමන්ගේ ඉඩමේ කුඩා නිවසක් ඉදිකරන්න දැන් බාධාවක් නැහැ.

2025 ඔක්තෝබර් 23 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වූ Building and Construction (Small Standalone Dwellings) එක මාර්ගයෙන් දැන් 70 වර්ග මීටර් (753 වර්ග අඩි) දක්වා කුඩා නිවාස building consent එකක් නැතිව ඉදිකරන්න පුළුවන්.

❓ මොනවද මේ අලුත් වෙනස්කම්?

2026 ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වෙන මේ නීතිය අනුව

✅ 70m² (753 අඩි²) දක්වා කුඩා, තනි මහල නිවසක්.

✅ සරල නිර්මාණයක් විය යුතුයි.

✅ Building Code එකට අනුකූල විය යුතුයි.

✅ Licensed Building Practitioners විසින් ඉදිවිය යුතුයි.

✅ ආරම්භයේදී සහ අවසානයේදී Council එකට දැනුම් දිය යුතුයි.

❓ මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද?

කාලය ඉතිරි වෙනවා:

සාමාන්‍යයෙන් consent ක්‍රියාවලිය සති 6-12ක් ගත වෙනවා – දැන් ඒක අවශ්‍ය නැහැ!

මුදල් ඉතිරි වෙනවා:

Building consent charges ඩොලර් 5,000-15,000 අතර විය හැකියි – දැන් ඒක save!

Consultant fee එකත් අඩු වෙනවා

රජයේ අපේක්ෂාව මොකද්ද? 🏛️

ආන්ඩුව අපේක්ෂා කරන්නේ ඉදිරි වසර 10 තුළ මේ නිසා granny flats 13,000ක් පමණ ඉදිවෙයි කියලා.මෙම නිවාස

👉🏻වැඩිහිටියන් සඳහා

👉🏻තරුණ පරම්පරාව සඳහා

👉🏻වැඩ කරන කාර්ය මණ්ඩලය සඳහා

👉🏻සහ කුලියට දීම සඳහා

භාවිතා කළ හැකි බව රහයේ අදහසයි.

❓ අවශ්‍ය කොන්දේසි මොනවද?

⚠️ මතක තබා ගන්න:

Granny flat එකක් ඉදිකරන්න ආරම්භ කිරීමට පෙර Project Information Memorandum (PIM) එකක් ලබාගත යුතුයි.

⚠️ වැදගත්!

මේ නීතිය සියලු නිවාස හිඟය විසඳන්නේ නැහැ, ඒත්:

✅පවුල් වලට අමතර නේවාසික විකල්ප ලබා දෙනවා

✅ඉදිකිරීම් වියදම් සහ කාලය අඩු කරනවා

✅නිවාස සැපයුම වැඩි කිරීමට උපකාරී වෙනවා

✅ජීවන වියදම් අඩු කිරීමට දායක වෙනවා

ඔබේ ඉඩමේත් granny flat එකක් ඉදිකරන්න හිතාගෙන ඉන්නවද? මේ නව නීතිය ගැන ඔබේ අදහස මොකද්ද? 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *