← BACKEntertainment

YouTube ආයතනයෙන් AI චැනල් දඩයමක්! මිලියන ගණන් හම්බකරපු චැනල් 16ක් ඉවත් කෙරේ!

BY DhanushPUBLISHED FEBRUARY 10, 20261 MIN READ0 COMMENTS

​AI දාලා වීඩියෝ හදලා ලේසියෙන් සල්ලි හොයන්න බලන් ඉන්න අයට YouTube එකෙන් රතු එළියක් නිකුත් කර තිබේ. රුපියල් බිලියන 3කට වඩා (ඩොලර් මිලියන 10ක්) ආදායම් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට Google සමාගම පියවර ගෙන ඇත.

​මොකක්ද මේ සිද්ධිය? 🤔

කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නැති, AI තාක්ෂණයෙන් ස්වයංක්‍රීයව නිපදවන ලද වීඩියෝ දහස් ගණනින් පළ කිරීම (AI Slop) හරහා YouTube හි “අනිසි භාවිතය සහ ස්පෑම්” (SPAM) ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම මෙම තීරණයට හේතු වී තිබේ.

⚠️ වසා දැමීමට ප්‍රධාන හේතු:

• ​Clickbait:

ප්‍රේක්ෂකයින් නොමග යවන සුළු මාතෘකා සහ පින්තූර භාවිතය.

• ​AI Slop:

මිනිස් ශ්‍රමයකින් තොරව, අඩු ගුණාත්මක AI හඬවල් සහ රූප රාමු පමණක් යොදාගෙන වීඩියෝ නිෂ්පාදනය.

• ​Algorithm එක හැසිරවීම:

සැබෑ නිර්මාණකරුවන්ගේ අවස්ථා අහුරමින් පද්ධතිය අනිසි ලෙස පාලනය කිරීම.

​වසා දැමූ මුළු නාලිකා ගණන: 16

​සමස්ත ග්‍රාහකයින් සංඛ්‍යාව: මිලියන 35කට අධිකයි

​මුළු නැරඹුම් වාර: බිලියන 4.7කට වඩා වැඩියි

​නැතිවූ වාර්ෂික ආදායම: රු. බිලියන 3කට අධිකයි!

​මිලියන 5කට වඩා ග්‍රාහකයින් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ප්‍රබල නාලිකා ද මේ අතර වේ.

​”AI තාක්ෂණය නිර්මාණකරුවන්ට සහායක් කරගන්නවාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මුදල් ඉපයීමේ අරමුණින් පද්ධතියට මුදාහරින කිසිදු ගුණාත්මක බවක් නැති Content වලට ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.”

— නීල් මෝහන් (YouTube CEO) –

​සැබෑ නිර්මාණකරුවන්ට සාධාරණ තැනක් ලබාදීම වෙනුවෙන් YouTube ගත් මෙම දැඩි තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? පහළින් Comment කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *