
New Zealand First නායක Winston Peters පැසිෆික් දුපත් කිහිපයක වැසියන්ට වීසා නීති පහසු කිරීම සඳහා පෙත්සමක් ගොනුකලා. මෙය බදාද (පෙබරවාරි 11) දින පාර්ලිමේන්තුවට භාර දුන්නා.
කෙසේ වෙතත්, ඔහුගේ සභාග හවුල්කරුවන් වන National සහ ACT පක්ෂ මේ ගැන තවමත් නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශ කර නැහැ.
❓ මෙම පෙත්සමේ ප්‍රධාන ඉල්ලීම් මොනවාද?
🔹 පැසිෆික් රටවල් 6ක් – Fiji, Samoa, Solomon Islands, Tonga, Tuvalu, Vanuatu
🔹 දැනට රටවල් 60කට ලැබෙන පහසුකම්වලට සමාන ලෙසින්
🔹 Visa-on-arrival / මාස 3ක සංචාරක වීසා
🔹 NZeTA (New Zealand Electronic Travel Authority) යටතේ ලබාදෙන ලෙසිටයි.
📌 වර්තමාන ක්‍රමය:
- පෙර සිට වීසා අයදුම්කිරිම අනිවාර්යයි.
- අරමුදල් සනාථ කිරීම, වෛද්‍ය/X-ray පරීක්ෂණ අනිවාර්යයි.
- ඉහළ වියදම් සහ දිගු ප්‍රමාදවීම් සාමාන්‍යයි.
❓ Winston Peters කියන්නේ මොකක්ද?
Peters පැසිෆික් රටවල් “සහෝදර” රටවල් ලෙස සලකා සාධාරණ සැලකීමක් ඉල්ලනවා.
📌 මේ සදහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
- ආගමන අමාත්‍ය Erica Stanford සමඟ සාකච්ඡා කරයි.
- ඡන්ද කාලයට පෙර සභාග එකඟතාවයක් බලාපොරොත්තු වෙනවා.
- අනුකූලතාව (compliance) අනිවාර්ය බව අවධාරණය කර සිටිනවා.
❓ National සහ ACT පක්ෂවල ස්ථාවරය කුමක්ද?
🔹 National – Erica Stanford:
- පෙත්සම් කමිටුවෙන් පසු සලකා බලන බව කියයි.
- පැසිෆික් රටවලට දැනටමත් දින 8ක වේගවත් වීසා ක්‍රියාවලියක් ඇති බව මතක් කරයි.
- නමුත් නිශ්චිත තීරණයක් තවම නැහැ.
🔹 ACT පක්ෂය:
- තවමත් නිල ස්ථාවරයක් නැහැ
- මේ විශේෂ යෝජනාව ගැන නිශ්චිත අදහසක් නොදක්වයි.
🔹 Labour පක්ෂය:
- නායක Chris Hipkins – “ඉතා සානුකම්පිතයි”
- සභාග සහාය නොලැබුණහොත් සාමාජික පනත් කෙටුම්පතකට සහාය දෙන බව කියයි.
❓ අභියෝග සහ අවදානම් මොනවාද?
⚠️ නීති විරෝධී රැඳී සිටීම:
- Tonga: 2,599 (ඉහළම)
- Samoa: 1,697
⚠️ පැසිෆික් රටවල ජනගහන අඩුවීමේ බිය
(Stuff web අඩවියේ ලිපියක් ඇසුරිනි)
👉 පැසිෆික් ජාතිකයන්ට වීසා පහසුකම් දීම ගැන ඔබේ අදහස මොකක්ද? මෙය ශ්‍රීලාංකිකයන්ට කෙසේ බලපායිද? 🇳🇿🌏

0 Comments