
පැසිෆික් සාගරයෙන් නවසීලන්තය දෙසට ප්‍රවාහය වන නිවර්තන කලාපීය තෙතමනය නිසා සති අන්තයේ දරුණු කුණාටු සහ අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව MetService අනතුරු අඟවා තිබෙනවා.
❓ කුණාටුව බලපාන ප්‍රදේශ මොනවාද?
MetService කාලගුණ විද්‍යාඥ John Law පවසන පරිදි, උතුරු දිවයිනට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා.
සෙනසුරාදා (පෙබරවාරි 14):
👉🏻රටේ උතුරු කොටස්වලට අධික වර්ෂාපතනය බලාපොරොත්තු විය හැකියි.
👉🏻Bay of Plenty නැගෙනහිර කොටස්, Tairawhiti සහ Wairoa දිස්ත්‍රික්කයට දරුණු වර්ෂාව.
👉🏻උතුරු දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට අධික වර්ෂාව.
👉🏻දකුණු දිවයිනේ බටහිර ප්‍රදේශවලට අධික වර්ෂාව.
ඉරිදා (පෙබරවාරි 15):
👉🏻පහත් පීඩන කලාපය දකුණට ගමන් කරයි.
👉🏻Hawke’s Bay, Wairarapa සහ Tairāwhiti හරහා වර්ෂාව.
👉🏻උතුරු දිවයිනේ නැගෙනහිරට අඛණ්ඩ වර්ෂාව සහ දරුණු සුළං.
👉🏻දකුණු දිවයිනේ නැගෙනහිරට වැසි, අනෙක් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් මෘදු කාලගුණයක්.
❓ දැනට කාලගුණය කොහොමද?
උණුසුම් තෙත් වාතය දැනටමත් රට පුරා පවතින බව Law මහතා පැවසුවා.
බ්‍රහස්පතින්දා (පෙබරවාරි 12):
👉🏻උතුරු දිවයිනට විසිරුණු වැසි, දහවලින් පසු අධික විය හැකියි.
👉🏻දකුණු දිවයිනට වර්ෂාකාලයක්.
👉🏻බටහිරට අධික වර්ෂාව, පසුව හුදකලා වැසි බිංදු දක්වා අඩු විය හැකිය.
⚠️කුණාටුව ගමන් කරන නිශ්චිත මාර්ගය ගැන තවමත් සැලකිය යුතු අවිනිශ්චිතභාවයක් තිබෙනවා..
‼️නැගෙනහිරට ගමන් කළහොත්:
👉🏻අධික වර්ෂාව මුහුදේ රැඳී සිටිනවා
👉🏻වෙරළ තීරයට සාපේක්ෂව අඩු බලපෑමක්
‼️බටහිරට ගමන් කළහොත්:
👉🏻Bay of Plenty සහ Coromandel ප්‍රදේශවලට වැඩි වර්ෂාව
👉🏻වැඩි හානියක් සිදු විය හැකියි
⚠️අවධානයෙන් සිටින්න:
ප්‍රදේශවාසීන් නිතර කාලගුණ තොරතුරු නිරීක්ෂණය කළ යුතුයි.
මේ ගැන සවිස්තරාත්මක තොරතුරු ලද සැනින් අපි ඔබට ගෙන එන්නම්. එතෙක් ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට වගබලාගන්න.

0 Comments