← BACKUncategorized

නවසීලන්තයේ කොන්ත්‍රාත්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනස් කරන නීතියේ සංශෝධනයක්!

BY Dhanush•PUBLISHED FEBRUARY 12, 2026•1 MIN READ•0 COMMENTS

👉🏻නවසීලන්ත රජය අද කොන්ත්‍රාත්කරුවන්ගේ රැකියා තත්ත්වය ආපසු වෙනස් කිරීමට නොහැකි වන ලෙස නීතියේ සුළු වෙනසක් සිදුකළා.
👉🏻මේ වෙනස උබර් ධ්‍රයිවර්ස්ලා දිනපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මාස කිහිපයකට පසුව සිදුවන වෙනසක්.

📍 මෙය සිද්ධ වුණේ කොහොමද?
👉🏻බදාදා රාත්‍රියේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකදී රැකියා සම්බන්ධතා සංශෝධන පනත් කෙටුම්පතට ‘සුළු තාක්ෂණික සංශෝධනයක්’ එකතු කළා. 👉🏻රැකියා සම්බන්ධතා අමාත්‍ය Brooke van Velden කිව්වෙ, මේක කරන්නේ නව නීතිය ආපසු වෙනස් වන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න කියලා.

❓ කොන්ත්‍රාත්කරුවන්ට දැන් මොකද වෙන්නේ?
👉🏻කොන්ත්‍රාත්කරුවෙකු පැරණි නීතියට යටත්ව සේවකයෙකු ලෙස හැදින්විය හැකිය.
👉🏻නව නීතිය ක්‍රියාත්මක වූ පසු ඔවුන් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සලකනු ලැබේ.

📌ප්‍රධාන කරුණු:
👉🏻නව නීතිය සංශෝධනය වුණට පස්සේ කොන්ත්‍රාත්කරුවන්ට තමන් සේවකයින් බව තහවුරු කරගන්න නැවත අධිකරණයේ අභියෝග නඟන්න බැහැ.

❓ මේ වෙනස ගැන විපක්ෂය මොකද කියන්නේ?
👉🏻කම්කරු පක්ෂය මෙම සංශෝධනය විරෝධය කරන්නේ, එය අත්තනෝමතිකව සේවකයින් ලෙස සැලකිය හැකි පුද්ගලයින් කොන්ත්‍රාත්කරු තත්ත්වයකට ඇද දමන බැවිනි.
විපක්ෂයේ ප්‍රධාන කරුණු:

❓ මේ කියන උබර් නඩුව මොකක්ද?
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය උබර් ධ්‍රයිවර්ස්ලාව සේවකයින් ලෙස සැලකිය යුතුය කියා තීන්දුවක් නිකුත් කළා.

⚖️නඩුවේ ඉතිහාසය මොකද්ද?
👉🏻2022 දී උබර් ධ්‍රයිවර්ස් හතර දෙනෙක් රැකියා අධිකරණයට ගියා.
👉🏻ඔවුන් තර්ක කළේ ඔවුන් සේවකයින් ලෙස සැලකිය යුතු බවත්, නිවාඩු දීමනා, අසනීප දීමනා සහ අවම වැටුපට අයිතියක් ඇති බවත්ය.
👉🏻රැකියා අධිකරණය ධ්‍රයිවර්ස්ලාගේ පැත්තට තීන්දුවක් ලබාදුන්න.
👉🏻උබර් උත්සහ කළත් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය අසාර්ථක වුණා.
(RNZ වාර්තාවක් ඇසුරින් ලියනලදි)

විපක්ෂය කියන විදියට රජය ඌබර් සමාගමේ පැත්ත ගන්නවද? නැත්තන් ඌබර් ඩ්‍රයිවර්ස්ලා කොන්ත්‍රාත්කරුවන් වන එක සාධාරණයිද?

ඔබේ අදහස කමෙන්ට් කරන්න? මේ ගැන ඔබ දන්න ඌබර් රියදුරු මහතුන්ට ශෙයා කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *