
නවසීලන්තයේ Hawke’s Bay ප්‍රදේශයේ Wairoa නගරයේ සිදු වූ පාසල් බස් රථ අනතුරකින් ළදරුවෙකු මිය ගිය අතර, තවත් දෙදෙනෙක් ජීවිතය සමග සටනක සිටිනවා. කුඩා, සමීප ප්‍රජාවක් ජීවත්වන Wairoa නගරය සම්පූර්ණයෙන්ම කම්පනයට පත්ව ඇති බව නගරාධිපති පවසනවා.
📍 අනතුර සිදු වුණේ කොහොමද?
👉🏻අඟහරුවාදා (පෙබරවාරි 11) හවස 3ට පමණ.
👉🏻State Highway 2 හි Black Street – Achilles Street මංසන්ධියේදී
👉🏻මෝටර් රථයක් සහ පාසල් බස් රථයක් අතර ගැටීමක් සිදු වුණා.
👉🏻RNZ ආරංචිමාර්ග අනුව, මෝටර් රථයේ සිටි ළදරුවෙක් මිය ගිය අතර, තවත් දෙදෙනෙක් බරපතළ තත්ත්වයක.
👉🏻පාසල් බස් රථයේ රියදුරුට සහ මගීන් දෙදෙනෙකුට සුළු තුවාල පමණක් වාර්තා වී ඇත.
🚔 විමර්ශනයේ තත්ත්වය
👉🏻පොලීසිය විමර්ශන සිදු කරමින් පවතී
👉🏻නිශ්චිත හේතුව තවමත් හෙළි වී නැහැ
👉🏻අනතුරෙන් පසු මාර්ගය තාවකාලිකව වසා තිබුණා
🎒 පාසල් සහ ප්‍රජාවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහය,
👉🏻Traumatic Incident Team එකක් පාසල සමඟ යොදවා ඇත.
👉🏻මානසික උපදේශන සහාය සිසුන්ට, කාර්ය මණ්ඩලයට සහ ප්‍රජාවට සහය.
👉🏻බස් රියදුරුටත් අවශ්‍ය සහාය සැපයෙමින් පවතිනවා.
😢 මෙවැනි ඛේදජනක අනතුරු අපි සියල්ලන්ටම මතක් කරන්නේ මාර්ග ආරක්ෂාව කෙතරම් වැදගත්ද කියලා.
ඔබේ අදහස් සහ ශෝක සංවේගය පහළින් පළ කරන්න.

0 Comments