
Transparency International විසින් නිකුත් කරන ලද 2025 දූෂණ හඳුනාගැනීම් දර්ශකයේ (CPI) ශ්‍රී ලංකාව ස්ථාන 14කින් ඉහළට ගොස් ලෝකයේ 121 වන ස්ථානයේ සිට 107 වන ස්ථානයට පැමිණ ඇති බව පෙබරවාරි 10 වැනිදා නිවේදනය වුණා. මේ මෑත කාලීනව ශ්‍රී ලංකාව මේ දර්ශකයේ වාර්තා කළ විශාලතම දියුණුවයි.
📍 මෙය අපේ රටට වැදගත් වෙන්නේ ඇයි?
New Zealand Legislation දත්ත අනුව 2024 දී ශ්‍රී ලංකාවේ අගය ලකුණු 32ක් වූ අතර 2025 දී එය 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2024 දී ශ්‍රී ලංකාව එහි නරකම CPI ශ්‍රේණිය වන 121 වන ස්ථානයට පැමිණ, සමාලෝචනය කරන ලද රටවල් 180 අතුරින් වඩාත් දූෂිත තුනෙන් එකක් අතර රැදී තිබුනා. මේ දියුණුව රාජ්‍ය අංශයේ දූෂණය අවම කිරීමට ගත් උත්සාහයන් පිළිබඳ ධනාත්මක සංඥාවක්.
❓ CPI දර්ශකය කියන්නේ මොකක්ද?
දූෂණ හඳුනාගැනීම් දර්ශකය (CPI) ලෝකයේ වඩාත් බහුලව භාවිතා වන ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීම වේ.
👉🏻දර්ශකය ක්‍රියා කරන ආකාරය:
එය රටවල් 182 කින් සමන්විත අතර එකී රටවල් රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ වටහා ගත් මට්ටම් අනුව 0 සිට 100 දක්වා පරිමාණයකින් ශ්‍රේණිගත කරයි.
👉🏻0 = අතිශයින් දූෂිත
👉🏻100 = ඉතා පිරිසිදු
ගෝලීය සාමාන්‍ය ලකුණු 42ක් වන අතර, එය දශකයකට වැඩි කාලයක එහි අඩුම මට්ටම වේ.
❓ ශ්‍රී ලංකාවේ ස්ථානය කොහොමද?
පෙර ස්ථානය: 121 (2024)
වර්තමාන ස්ථානය: 107 (2025)
ස්ථාන වෙනස: ↗️ ස්ථාන 14 ඉහළට
පෙර ලකුණු: 32/100 (2024)
වර්තමාන ලකුණු: 35/100 (2025)
ලකුණු වර්ධනය: +3 ලකුණු
🎯වැදගත් දේ මොකද්ද?
ශ්‍රී ලංකාවේ වර්තමාන ලකුණු 35ක් ගෝලීය සාමාන්‍ය 43ට වඩා අඩු මට්ටමක පවතින අතර, තවමත් පාලනයේ සහ වගවීමේ සැලකිය යුතු අභියෝග පවතින බව පෙන්නුම් කරයි.
❓ ලෝකයේ ඉහළම සහ පහළම රටවල් මොනවාද?
🥇 Denmark – 89
🥈 Finland – 88
🥉 Singapore – 84
❓පහළම රටවල් (වඩාත් දූෂිත) මොනවාද?
South Sudan – 9
Somalia – 9
Venezuela – 10
💡 ලංකාවේ දියුණුවට හේතු මොනවාද?
මෙය රාජ්‍ය අංශයේ දූෂණයට විසඳුම් ලබා දීමට රට මෑතකදී ගත් උත්සාහයන් පිළිබඳ වර්ධනය වන විශ්වාසය නැවතත් පෙන්වාදෙයි.
(Daily Mirror වාර්තාවක් ඇසුරින්)
මාලිමා ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වෙයිද? ඔබේ අදහස කුමක්ද? 🇱🇰💪

0 Comments