← BACKImmigration Updates

නවසීලන්ත බස් රියදුරන්ට ස්ථිර වීසා බාධාවක්!ඉංග්‍රීසි අවශ්‍යතාව ඉහළින්ම මනින බවට දැඩි විරෝධයක්.

BY DhanushPUBLISHED FEBRUARY 12, 20261 MIN READ0 COMMENTS

👉🏻නවසීලන්තයේ බස් රියදුරන් ස්ථිර පදිංචිය (Resident Visa) ලබාගැනීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂා මට්ටම ඉතාම ඉහළ බව කියමින් දැන් විශාල විරෝධයක් මතුවෙලා තියනවා.
👉🏻ඔවුන් කියන්නේ, රැකියාවට එතරම ඉහළ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවන බවයි.

📍 ප්‍රශ්නය මතු වුණේ කොහොමද?

👉🏻2022දී හඳුන්වා දුන් නීති අනුව,
⚫️work visa එකකින් වසර 2ක් සේවය කළ පසුව,
⚫️පශ්චාත්-උපාධික් හිමි ජාත්‍යන්තර ශිෂ්‍යයෙකුට සමාන ඉංග්‍රීසි දැනුනක් පෙන්විය යුතුයි.
⚫️මෙයට විරෝධය පළ කරමින් බස් ධ්‍රයිවර්ස් 500කට වැඩි පිරිසක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කළා.
⚫️Metlink අනුව, වෙලින්ටන්හි බස් රියදුරන් 45 දෙනෙකුගේ අනාගතය දැන් අවිනිශ්චිතයි.

❓ ඉංග්‍රීසි අවශ්‍යතාව ඒතරම් ඉහළද?
👉🏻IELTS 6.5 ලකුණු – බොහෝ විශ්වවිද්‍යාල පශ්චාත්-උපාධි සඳහා ඉල්ලන මට්ටම.
👉🏻වචන 300ක රචනාවක් ලිවිය යුතුයි.
👉🏻දුෂ්කර සංකල්ප තේරුම් ගැනීමට අවශ්‍යයි.

‼️පළමු වර අසමත් වුවහොත් වසර 2ක වීසා දිගුවක්, නැවත අසමත් වුණොත් රට හැරයාමට සිදුවෙයි.

💁🏻‍♂️වෙලින්ටන් ප්‍රවාහන කමිටු සභාපති Ros Connelly කියන්නේ මේ මට්ටම “අතිශයින් ඉහළ” බවයි.

❓ බස් ධ්‍රයිවර්ස්ලා මොකද කියන්නේ?

💁🏻‍♂️ඕක්ලන්ඩ් ධ්‍රයිවර් Ryan Jay Carumba පවසන්නේ,

“අපි මගීන්ට කියන්නේ සුභ උදෑසනක්, හෙලෝ වගේ සරල වචන. ශාස්ත්‍රීය ඉංග්‍රීසි අපිට අවශ්‍ය නැහැ.”

💁🏻‍♂️ඔහුගේ පිලිපීන සගයන් 7 දෙනෙක් IELTS අවශ්‍යතා සපුරා ගන්න බැරිව රැකියාවෙන් ඉවත් වී තිබෙනවා.
බස් සංගම් කියන්නේ, දක්ෂ රියදුරන්ට උසස් අධ්‍යාපනික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ කියලා.

❓ රජයේ ස්ථාවරය
💁🏻‍♂️ආගමන අමාත්‍ය Erica Stanford පවසන්නේ,

❌භාෂා නීති ලිහිල් කරන්නේ නැහැ.
“නවසීලන්තයේ රැඳී සිටින අයට යම් මට්ටමක ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි”

රියදුරු හිඟයක් ගැන දැඩි කනස්සල්ලක් නැහැ කියලාත් ඇය පවසනවා.

👉 දක්ශ රියදුරෙකු වීමට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යද? නැත්තන් එයින් රියදුරන්ට තියන පිළිගැනීම වැඩිවෙනවද?

මේ ගැන ඔබේ අදහස කුමක්ද?

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *