
නවසීලන්තයට සංචාරක වීසා අයදුම් කරද්දී ගෙවන ඩොලර් 100ක සංචාරක බද්ද (IVL), වීසා ප්‍රතික්ෂේප වුණත් ආපසු නොදෙන එක දැන් ලොකු විවාදයක් වෙලා. මේ බද්ද අය කරන්නෙ නවසීලන්තයේ පරිසර සංරක්ෂණය ව්‍යාපෘති සහ සංචාරක යටිතල පහසුකම් වර්ධනය කරන්න කියලයි රජය නම් කියන්නෙ.
🔴 මොකද්ද මේ ගැටළුව?
• 💰 International Visitor Conservation and Tourism Levy (IVL)
2019දී ඩොලර් 35 ක්ව තිබුනත්, 2024 ඔක්තෝම්බර් සිට ඩොලර් 100 ක් වෙලා. (තුන් ගුණයක් වැඩි)
• 🛂 මේ ගාස්තුව ගෙවන්න වෙන්නෙ කාටද?
සංචාරක, ශිෂ්‍ය, Working Holiday, ETA සහ තවත් වීසා වර්ග කිහිපයක් සදහා.
• ❌ වීසා ප්‍රතික්ෂේප වුණත් ඩොලර් 100 නම් ආපසු දෙන්නෙ නැහැ. ( නැවත Apply කරනව නම් නැවතත් ගෙවන්න වෙනවා)
📊 සංඛ්‍යා ලේඛන බලද්දී…
• 👥 2024 ඔක්තෝම්බර් – 2026 පෙබරවාරි
කාළය තුළ වීසා ප්‍රතික්ෂේප වූ අය: 71,565කට වැඩි
• 💵 ඔවුන්ගෙන් එකතු වූ මුදල: ඩොලර් මිලියන 5.7
• 🔁 ප්‍රතික්ෂේප වීමෙන් පස්සේ නැවත අයදුම් කළ අය: 17,182 (නැවත නැවතත් බද්ද ගෙවන්න වෙලා)
⚖️ ඉමිග්‍රේෂන් විශේෂඥයෝ කියන්නේ මොනවද?
• ❗ අසාධාරණයි කියලා විවේචනය
• 💸 ඩොලර් 341ක වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 100ක් ගෙවන්න වෙන එක පාඩුවක්.
👉 විශාල පවුල්වල අයට මේක බරපතල වියදමක්
• 🤔 “නවසීලන්තයට ඇවිත්ම නැත්නම්, පරිසරයට හෝ යටිතලයට වියදමක් කරලා නැත්තං —
මේ බද්ද ගෙවන්නෙ ඇයි?” කියන ප්‍රශ්නය පැන නගිනවා නේද?
🏛️ මේ ගැන රජයේ පිළිතුර මොකක්ද?
• MBIE කියන්නේ:
• IVL එකතු කරන්නේ ඉමිග්‍රේෂන් පද්ධතිය හරහා, පරිපාලන වියදම් අඩු කරන්න.
• Immigration New Zealand වෙබ් අඩවියේම,
👉 “වීසා ගාස්තු සහ බද්ද ආපසු නොදෙනවා” කියලා පැහැදිලිව සදහන් කරල තියෙනවා.
• 📢 ප්‍රතික්ෂේප වීම අඩු කරගන්න — සම්පූර්ණ, නිවැරදි තොරතුරු එක්ක අයදුම් කරන්න කියලා අවවාද කරනවා.
💬 මේ ගැන ඔබේ අදහස කුමක්ද?
👉 වීසා ලැබුණේ නැත්නම්, සංචාරක බද්ද ආපසු දිය යුතුද? නවසීලන්තයට එන්නත් කලින් මෙවැනි බද්දක් අයකිරීම සාධාරණද?
(RNZ වාර්තාකට අනුව)

0 Comments