← BACKWeather

නවසීලන්තයට නැවතත් දරුණු වැසි ඇදහැලෙයි!

BY Dhanush•PUBLISHED FEBRUARY 13, 2026•1 MIN READ•0 COMMENTS

ජනවාරි ආපදාවෙන් සතියක් 3 ක්වත් නොගිහින් නැවතත් අනතුරු ඇඟවීම්!

නවසීලන්තයේ උතුරු දිවයින දැවැන්ත වැසි ඇද හැලෙන තත්ත්වයකට මුහුණ දෙනවා. ජනවාරි මාසයේ 9 දෙනෙකුගේ ජීවිත ගත් භයානක කඳු කඩා වැටීම් සහ ගංවතුරෙන් වු හානියෙන් තවමත් එහෙමමයි. පෙබරවාරි 13-14 අතර MetService තැඹිලි පාටින් සහ කහ පාටින් තද වැසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Waikato ප්‍රදේශයේ දැනටමත් සැලකිය යුතු ගංවතුර සහ මාර්ග කඩා වැටීම් වාර්තා වෙලා.

❓ දැන් තත්ත්වය කොතරම් භයානකද?

👉🏻පැය 8ක් තුළ වැසි මිලිමීටර් 100ක් ඇද හැලිලා!
👉🏻MetService අනතුරු අඟවනවා “ඉතාම අවදානම් පැය 24ක්” අපේක්ෂා කරන්න කියලා.

⚠️Waikato හි Ōtorohanga – State Highway 31 සහ 39 සම්පූර්ණයෙන්ම වැසිලා

❌පොලීසිය ඉල්ලා සිටිනවා හැකි තරම් ගමන් අඩු කරන්න කියලා.

📍අනතුරු ඇඟවීම් ඇති ප්‍රදේශ මොනවාද?

🟠 තැඹිලි අනතුරු ඇඟවීම: Coromandel, Bay of Plenty (Rotorua ඇතුළුව), Gisborne/Tairāwhiti

🟡 කහ නිරීක්ෂණ: Northland, Auckland, Great Barrier Island, Waikato, Waitomo, Hawke’s Bay, Manawatū.

❓ NEMA (ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය) අනතුරු ඇඟවීම මොකද්ද?
🫵අධ්‍යක්ෂ John Price ප්‍රධාන අනතුරු ඇඟවීම් 3ක් නිකුත් කළා.

⚠️කඳු කඩා වැටීම් අනතුරු:
👉🏻වැසි නතර වුණාට පස්සෙත් දින කිහිපයක් ගිහිල්ලත් කඳු කඩාවැටීම් වෙන්න පුළුවන්.
👉🏻තෙත් සහ අස්ථාවර බිම තවත් වැසි, සුළං හෝ සුළු භූ කම්පනවලින්වත් චලනය වෙන්න පුළුවන්.
👉🏻පවතින කඳු කඩා වැටීම් ස්ථානවලින් ඉවත් වෙන්න, බලධාරීන් අවසර දෙන තුරු ආපසු යන්න එපා.

⚠️ගංවතුර අනතුරු:

👉🏻ගංවතුරු වලට ඇතුල් වෙන්න එපා – අපද්‍රව්‍ය සහ දූෂිත ද්‍රව්‍ය තියෙනවා.
👉🏻ජලය ඉහළ යනව දැක්කොත් ඉක්මනින් ඉවත් වෙන්න.
👉🏻පහත් ප්‍රදේශවලට යෑමෙන් වළකින්න.

⚠️සන්නද්ධතාව:

👉🏻විදුලිය සහ සන්නිවේදන ඇනහිටීම් සඳහා සූදානම් වෙන්න.
👉🏻වාහනයේ හදිසි උපකරණ කට්ටලයක් තබා ගන්න.
👉🏻ජාල සේවා නොමැති වුවත් 111 අමතන්න උත්සාහ කරන්න.

📊 මේ වනවිට වැසුණු මාර්ග මොනවාද?

‼️Waikato:

👉🏻State Highway 31 සහ 39 (Ōtorohanga) – සම්පූර්ණයෙන්ම අවහිරයි.
👉🏻SH39 දකුණේ Pirongia
SH3 දකුණේ Kihikihi – ඉදිරි පැය කිහිපයේ වැසිය හැකියි.

‼️Coromandel:

👉🏻SH25 Hikuai-Tairua සහ Whangamata-Waihi
👉🏻SH25A Kopu-Hikuai
👉🏻SH26 Te Aroha Bridge-Paeroa
👉🏻SH2 Paeroa-Waihi

ඔබේ ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය මොන වගේද? හදිසි තත්ව ඇත්නම් සහෘදයින් හා බෙදාගන්න, පහළින් සටහන් කරන්න. ආරක්ෂිතව සිටින්න! 🙏

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *