
😢”ඇමරිකාව අපිට ත්‍රස්තවාදීන්ට මෙන් සලකනවා. මේ තත්වය ඉතා කුරිරුයි, කණගාටුදායකයි.” මේ ඔවුන්ගෙ හැගීම.
බියට පත්වුනු තුන් දරුවන් සහිත ලතින් ඇමරිකානු පවුලක් නවසීලන්තයට ස්ථිරවම සංක්‍රමණය වෙන්න තීරණය කරලා. Gregory සහ Ashley Rivara යන යුවල කියන්නෙ “දුඹුරු සමක් ඇති මිනිස්සු” අමෙරිකාවට අවශ්‍ය නෑ කියලයි. දරුවන්ගේ ආරක්ෂාව ගැන බයෙන්, දහසකුත් දේවල් නිසා සිත සන්සුන් නැති බවයි.
🧳පෙබරවාරි 12, 2026 දින NZ Herald පුවත්පතට අනුව, ඔවුන් මාස දෙකකින් නවසීලන්තයට පැමිණීමට සූදානම් වෙමින් සිටිනවා. Trump පාලනය විසින් කරන ලතින්/හිස්පැනික් ජාතික සංක්‍රමණිකයන් වැටලීම් සහ වෙඩි තැබීම් අනතුරු මැද, මේ පවුල නවසීලන්තයට එන්න තීරණය කරනවා.
❓ අමෙරිකාව දැන් කොතරම් භයානකද?
Trump පාලනය 2025 සිට දැඩි ලෙස ලතින් ජාතික සංක්‍රමණික වැටලීම් දියත් කර තිබෙනවා.
👉🏻UCLA විශ්වවිද්‍යාලයේ පර්යේෂණය: 2025 පළමු මාස 6 තුළ ICE (Immigration and Customs Enforcement) අත්අඩංගුවට ගත් 10 දෙනාගෙන් 9 දෙනෙක් ලතින් ජාතිකයන්.
👉🏻Trump ගේ පළමු දින 100: දිනකට සාමාන්‍යයෙන් ලතින් අත්අඩංගු 558ක් (Biden යුගයේ 276 සමග සසඳන විට දෙගුණයක්!)
👉🏻Venezuelan ජාතිකයන් අත්අඩංගුවට ගැනීම 361%කින් වැඩි වුණා.
👉🏻Mexican, Guatemalan, Honduran අත්අඩංගුවට ගැනීම් 116%-361% අතර වැඩි වුණා.
❓ Gregory සහ Ashley ගේ කතාව මොකද්ද?
Gregory Rivara ඉංජිනේරුවෙක් වන අතර, Ashley ඔවුන්ගේ 7, 5 සහ 3 යන වයස්වල දරුවන් තුන්දෙනෙකුගේ මව.
🇳🇿ඔවුන්ගේ නවසීලන්තය සමග ඇති සම්බන්ධය:
👉🏻අවුරුදු කට පෙර Gregory විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව පළමුවෙන්ම නවසීලන්තයට ගියා.
👉🏻Coromandel හි Cathedral Cove වලදී ඔවුන් විවාහ ගිවිස ගත්තා.
👉🏻Ashley කිව්වා: ‘අපි මෙහෙ ජීවත් වෙමු. අපි ආපසු යන්නේ නැති ඉමු?’ ඒ හැඟීම කවදාවත් මාව අත් නොහැරියා.”
📍Instagram වීඩියෝවේ Gregory කිව්වා:
“කියන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නැහැ. මම ලතින්. මගේ පවුල සියල්ලම ලතින්. අපි වගේ දුඹුරු සමක් හිමි මිනිස්සු සාමාන්‍යයෙන් අමෙරිකාවේ අවශ්‍ය නැති බව පේනවා.”
“අපි මෝඩයන් නෙමෙයි. නවසීලන්තයට ගියාම අපේ ප්‍රශ්න හැම එකක්ම විසඳෙන බව අපි දන්නවා. ඒත් ඔබව අවශ්‍ය වෙන්නෙ නෑ වගේ පේන රටක ඉන්න එක ඉතා අපහසුයි.”
❓ පාසල් වෙඩි තැබීම් ගැන Ashley ගේ බිය කොයි තරම්ද?
😢Ashley කතා කළේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඇයට තිබෙන නොනවතින බියෙන්.
“පාසල් වෙඩි තැබීමෙන් පසු නිතර එවැනි අනතුරු මැද ජීවත් වෙනවා, ඒ වෙනුවෙන් අපේ රජය කිසිම දෙයක් කරන්නේ නැහැ.”
“අම්ම කෙනෙක් හැටියට, හිත හදාගන්න අපහසුයි. මම සෑම දිනකම කරදර වෙනවා ඒක මගේ දරුවාව දකින අවසාන දවස විය හැකි කියලා.”
“කිසිම කෙනෙකුට එහෙම ජීවත් වෙන්න හෝ එහෙම සිතන්න නම් වෙන්න හොද නැහැ”
🇳🇿නවසීලන්තය තෝරා ගන්නේ ඇයි?
👉🏻රැකියාව සහ ජීවිතයේ ඇති සමතුලිතතාව (Work-life balance)
👉🏻Gregory: “අවුරුදු 30ක් කැපවීම් කළ කෙනෙක් හැටියට, රැකියාව සහ ජීවිතය දෙකම සමතුලිතතාවයක් තියාගෙන පවුලක් විදියට සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා.”
දෙමාපියන්ට හැමවිටක අංක එක වෙන්නෙ ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව. දෙමවුපියන් විදියට ඔබ හිතන්නෙ, නවසීලන්තය පවුලක් විදියට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් තියන රටක්ද? 💬👇

0 Comments