
🐾 බල්ලන් සපා කෑම නිසා සෑම සතියකම ප්ලාස්ටික් සැත්කම්!
– නවසීලන්තයෙන් අනතුරු ඇඟවීමක් 🏥
බල්ලෙක් මිනිසෙකු සපා කෑම ප්‍රවෘත්තියක් නොවන බව ප්‍රවෘත්ති වල උගන්වයි. මිනිසෙක් බල්ලෙකු සපා කෑම නම් ප්‍රවෘත්තියකි. නමුත් නවසීලන්තයේ බල්ලන් සපා කෑම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
නවසීලන්තයේ වෙලින්ටන් නුවරින් ඇසෙන මේ පුවත,
බල්ලන් සපා කෑම නිසා දරුණු ලෙස තුවාල ලබන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සෑම සතියකම පාහේ ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමට සිදුවන බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය Dr. Yassaei පවසනවා.
ඇය පෙන්වා දෙන වැදගත් කරුණු කිහිපයක් මෙන්න.
🚨 බල්ලන් සපා කෑම රෝහල් මගින් වාර්තා කිරීම අනිවාර්ය කළ යුතුයි. එවිටයි අපට නිවැරදිව තීරණය කළ හැක්කේ මෙය සතුන්ගේ වර්ගය (Breed) පිළිබඳ ප්‍රශ්නයක්ද, පුහුණුව පිළිබඳ ප්‍රශ්නයක්ද නැතිනම් සමාජීය ප්‍රශ්නයක්ද යන්න.
💔 සමාජීය අසමානතාවය.
දත්තවලට අනුව, අඩු පහසුකම් සහිත සහ දිළිඳු ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින් බල්ලන් සපා කෑම නිසා රෝහල් ගත වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. මෙය හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව සමාජීය ගැටලුවක් බවත් ඇය පෙන්වා දෙනවා.
🧒 දරුවන්ගේ අවදානම.
වැඩිහිටියන් මෙන්ම දරුවන්ද මෙලෙස සපා කෑම්වලට ලක්වන අතර, දරුවන් ලබන තුවාලවල ස්වභාවය අනුව ඔවුන්ට ශල්‍යකර්ම සිදු කිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. විශේෂයෙන් නවසීලන්තයේ Māori දරුවන් රෝහල් ගත කිරීමේ ප්‍රතිශතය අනෙක් දරුවන්ට වඩා ඉහළ මට්ටමක පවතිනවා.
🛑 විසඳුම කුමක්ද?
බල්ලන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් හෝ ප්‍රසිද්ධ ස්ථානවලට බල්ලන් රැගෙන ඒම පිළිබඳ දැඩි නීති පද්ධතියක් සැකසීමට කාලය එළඹ ඇති බව වෛද්‍යවරිය අවධාරණය කරනවා.
මොන රටේත් නිවෙස්වල ඇති කරන බල්ලන් මෙන්ම මග තොටේ සිටින සතුන් ගැන අවධානයෙන් සිටීම සහ නිසි නීතිමය රාමුවක් තිබීම කොතරම් වැදගත්ද? 🐕🤔

0 Comments