
භූමිකම්පාවක්, සුනාමි අනතුරු ඇඟවීමක් හෝ ගංවතුරක් ඇති වූ විට, ඔබට රැගෙන යන්නට අවශ්‍ය දේ තීරණය කිරීමට කාලයක් නොමැත. විශේෂඥයන් නිර්දේශ කරන්නේ සෑම කෙනෙකුටම පිටවීමේ දොර අසල පැය 72ක් පමණ survive විය හැකි දේ සහිත “backpack” එකක් සූදානම්ව තබා ගන්න ලෙසටයි.
🎒 අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව
ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය (NEMA) නිර්දේශ කරන්නේ සෑම පුද්ගලයෙකුටම කුඩා බෑග් එකක් තිබිය යුතු බවයි. මෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙසේය:
📍ඇඳුම් පැළඳුම් සහ අමතර උපකරණ:
👉🏻ශක්තිමත් ඇවිදීමේ සපත්තු
👉🏻උණුසුම් ඇඳුම්
👉🏻වැහි කබාය සහ තොප්පිය
👉🏻අත් සනීපාරක්ෂක ද්‍රව්‍ය
👉🏻මුහුණු ආවරණ/ආරක්ෂක මාස්ක්
📍ආහාර සහ ජලය:
👉🏻පානීය ජලය (500ml බෝතල් දෙකක් සහ ජල පිරිපහදු පෙති)
👉🏻දින තුනක් සඳහා නොනැසී පවතින ආහාර.(පිසීමට අවශ්‍ය නොවන ආහාර)
👉🏻කෑන් විවෘත කරන උපකරණයක්
📍තාක්ෂණික උපකරණ:
👉🏻අතේ ගෙන යා හැකි mobile charger එකක්.
👉🏻විදුලි පන්දම
👉🏻බැටරි/සූර්ය/සුළං බලයෙන් ක්‍රියා කරන ගුවන්විදුලිය (අමතර බැටරි සමඟ)
💊 වෛද්‍ය සහ පුද්ගලික අවශ්‍යතා
👉🏻නිත්‍ය භාවිතා කරන ඖෂධ
ප්👉🏻රථමාධාර කට්ටලය
👉🏻විශේෂ ආහාර වේලක් අවශ්‍ය නම් ඒ සඳහා ද සැපයුම්
👉🏻ආබාධිත පුද්ගලයන් සඳහා: ශ්‍රවණාධාර සඳහා අමතර බැටරි හෝ ලිඛිත සන්නිවේදනය සඳහා පෑන සහ කඩදාසි
📄 වැදගත් ලියකියවිලි
👉🏻මුදල් (කුඩා නෝට්ටු සහ කාසි)
👉🏻වැදගත් ලියකියවිලි සහ ඡායාරූප හැඳුනුම්පතෙහි පිටපත් (මුද්‍රිත හෝ ඔබේ දුරකථනයට ස්කෑන් කර ඇති)
‼️Consumer NZ ලේඛිකා Amy McNabb නිර්දේශ කරන්නේ ශීතකරණය අවශ්‍ය නොවන දිගු කල් පවතින ආහාර භාණ්ඩ කලින්ම බෑගයේ තැබීමයි. ඇය තවද thick අත්වැසුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය (ටිෂූ, තෙත් තුවා, දත් බුරුසු/දන්තාලේපය) එකතු කිරීම නිර්දේශ කරයි.
🐾 සතුන් අමතක නොකරන්න‼️
👉🏻ඔබේ හදිසි සැලසුම්වලට සුරතල් සතුන් සහ ගොවිතැන් සතුන් ඇතුළත් කරන්න.
👉🏻ඔවුන් සඳහා සැලසුම් නොකිරීම ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කරයි.
⚠️ වාර්ෂිකව පරීක්ෂා කරන්න
ඔබේ හදිසි බෑග්වල ඇති ආහාර සහ ජලය වාර්ෂිකව පරීක්ෂා කර කල් ඉකුත් වී ඇත්නම් ප්‍රතිස්ථාපනය කරන්න.
🙏 අවසාන පණිවිඩය
හදිසි අවස්ථා අපට පුරෝකථනය කළ නොහැක, නමුත් ඒවා සඳහා සූදානම් විය හැකිය. පැය 72ක් සඳහා ඔබව සහ ඔබේ පවුල පවත්වා ගෙන යා හැකි සරල අල්ලා ගෙන යන බෑග් එකක් සූදානම් කිරමෙන් ඔබේ ජීවිත බේරා ගත හැකිය. අද දිනයේම ඔබේ හදිසි කට්ටලය සකස් කිරීම ආරම්භ කරන්න.
මෙවැනි වටිනා තොරතුරු සදහා දිගටම lakkiwi news එක්ක රැදිල ඉන්න. www.lakkiwi.nz

0 Comments