← BACKUncategorized

දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විදි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් NZD 35,000ක්!

BY Dhanush•PUBLISHED FEBRUARY 17, 2026•1 MIN READ•0 COMMENTS

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූ අපේ ජනතාවට සහාය වීමට, ශ්‍රී ලංකාරාම විහාරස්ථානය හා නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වය එක්ව ආරම්භ කළ ආධාර මුදල් රැස්කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් විය.

Givealittle පිටුව මඟින්, සෘජු පරිත්‍යාග සහ භාරකාරත්වයේ දායකත්වය එකතුවෙන් NZD 35,000ක මුදලක් රැස් කිරීමට හැකිවිය.

📅 2026 පෙබරවාරි 14 දින, ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී, ශ්‍රී ලංකාරාමාධිපති
පූජ්‍ය වල්ගම මුනින්දවංස නාහිමිපාණන් වහන්සේ විසින් එම මුදල,
නවසීලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු ප්‍රසන්න ගමගේ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම අවස්ථාවට නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරකාරත්වයේ සභාපති ගරු සාගර දොලුවීර මහතා ඇතුළු භාරකාරත්ව මණ්ඩලයද සහභාගී විය.

💰 මෙම මුදල, ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති “Rebuilding Sri Lanka Fund” වෙත යොමු කරනු ලබන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

🙏 මෙම සත්කාර්යයට දායක වූ සියලු දායක භවතුන්ට, හදවතින් පිරි පුණ්‍යානුමෝදනා සහ ගෞරවපූර්වක ස්තුතිය පිරිනමමු.

එකමුතුකමට කළ නොහැක්කක් නොමැත! 💙

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *