
නවසීලන්තයේ Wellington අසල Lower Hutt – Stokes Valley ප්රදේශයේ සිදුවූ විශාල නායයෑමක් නිසා
එක් පවුලකට තම එකම නිවසත් සමඟම සියල්ල අහිමි කරලා තියෙනවා.
වාර්තා වන විදියට මේ අනතුරෙන් පවුල දැන් නිවසක් නොමැතිව අසරණ වෙලා.
🌧️ මොකද වෙලා තියෙන්නේ?
📌 සඳුදා උදෑසන
නිවසේ හිමිකරු Aaron Pahl සහ ඔහුගේ පවුලට හදිසියේම ඉවත්ව යන්න සිදු වුණා.
ඒකට හේතුව:
10m × 30m තරම් විශාලත්වයෙන් යුතු නිවස පිටුපස බිම කොටසක් එකවරම පහළට වැටීමයි.
ඔහු කියන්නේ:
👉 “පළමුව විශාල ශබ්දයක් ඇහුනා… ඊටපස්සෙ පොළොව හෙමින් පහළටයන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි කවුරුත් මරණ බයෙන් දිව්වා” කියල.
⚠️ නිවස දැන් අනතුරුදායකයි
භූස්කලනයෙන් පසු:
👉🏻නිවසේ පසුපස foundation එකට දරුණු හානි වෙලා.
👉🏻Deck එක යටින් බිම ගැලවිලා ගිහින්.
👉🏻නිවස unsafe building එකක් ලෙස ප්රකාශ කරලා
📌 මේ නිසා දැන් එහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවෙලා.
😢 “වසර 16ක කැපවීමක් එක මොහොතකින් නැති වුණා”
Aaron Pahl කියන්නේ:
💔 තමන් වසර 16ක් පුරා ඉතිරි කරගෙන ඉදි කරගත් ජීවිතේ එකම නිවස මෙම සිදුවීමෙන් විනාශ වෙලා ගියා කියලා.
💰 Insurance එකෙන් සම්පූර්ණ විසඳුමක් නැහැ
Insurance එකෙන් Mortgage එක ගෙවීමට Demolition වියදම් සඳහා පමණක් ආධාර ලැබෙන්න පුළුවන් කියලා ඔහුට දැන් බයයි.
📌 ඒ කියන්නේ නැවත නිවසක් ගොඩනගන්න මුදල් ඉතිරි නොවෙන්න පුළුවන්.
🏡 පවුල දැන් කොහෙද ඉන්නේ?
Aaronගේ පවුල:
👉🏻පුද්ගලයින් 5 දෙනෙක් හා සුරතල් සතුන් 2 දෙනෙක් දැන් තාවකාලිකව පදිංචි වෙලා ඉන්නෙ ඔහුගේ father-in-law ගේ නිවසේ (Featherston).
🚗 දුර ප්රශ්න නිසා වැඩට සහ පාසලට යන්නත් අමාරු වෙලා.
ඔහු කියන්නේ:
👉 “මට නින්දක්වත් නැහැ… මානසිකව ඉතාමත් කඩා වැටුණා.” කියල.
⏳ Land එක නැවත ස්ථාවර කරගන්න වසර ගණනක් යයි කියල තමයි ඉංජිනේරුවන් කියන්නෙ.
🤝 ජනතාවගේ සහයෝගය
මෙම පවුලට උදව් කරන්න Give-a-Little, fundraising page එකක්ද ආරම්භ කරලා තියෙනවා.
👉 “Help Support Our Family After Stokes Valley Landslide”
Aaron සහ ඔහුගේ පවුල දැන් නව ජීවිතයක් නැවත ආරම්භ කිරීමට අසීරු අරගලයක යෙදී සිටිනවා. මෙයින් අපට කියල දෙන පාඩම සොබාදහමට මිනිසුන්ගේ ජීවිතය එක මොහොතකින් වෙනස් කළ හැකි බව නේද?

0 Comments