← BACKUncategorized

Northland හි දුක්ඛිත ඛේදවාචකයක්, බල්ලන්ගේ ප්‍රහාරයකින් වයසක කාන්තාවක් මරුට.

BY DhanushPUBLISHED FEBRUARY 18, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ Northland ප්‍රදේශයේ Kaihu නගරයේ සිදුවූ කම්පන සහගත සිදුවීමක් නිසා සමාජයම ශෝකයට පත්ව ඇත.

62 හැවිරිදි කාන්තාවක් බල්ලන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

🚨 සිදුවුණේ මොකද්ද?

පොලිසිය පවසන්නේ මෙම සිදුවීම අඟහරුවාදා දහවල් Kaihu ප්‍රදේශයේ ග්‍රාමීය නිවසකදී සිදුව ඇත. එම නිවසේ සිටි බල්ලන් තුන්දෙනෙකු විසින් ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වේ.

😔කාන්තාවට ලැබුණු තුවාල ඉතා බරපතල වූ නිසා ඇය බේරාගත නොහැකි විය.

🐾 මිය යාමට පෙර දිනත් Animal Control නිලධාරීන් පැමිණ තිබුණා!

මෙම සිද්ධියේ විශේෂ කරුණක් වන්නේ:

📌 Kaipara District Council Animal Control කණ්ඩායම මෙම නිවසට පෙර දිනම පැමිණ තිබීමයි.

වාර්තා අනුව:

👉🏻මෙම නිවස පිළිබඳ පැමිණිලි නොවැම්බර් සහ දෙසැම්බර් සිටම ලැබී තිබුණා.

👉🏻නිලධාරීන් මේ දක්වා 4 වතාවක් එම ස්ථානයට ගොස් තිබුණා.

👉🏻බල්ලන් නිසි ලෙස පාලනය කරන ලෙස අයිතිකරුට දැනුම් දී තිබුණත් අවසන් වතාවේදී ඔවුන්ට අයිතිකරු හමුවීමට නොහැකිවී තිබුණා.

🏘️ ගම්වැසියන්ගේ භීතිය සහ පැමිණිලි

ප්‍රදේශවාසීන් පවසන්නේ:

👉🏻මෙම බල්ලන් වසරකට ආසන්න කාලයක් තිස්සේ

අසල්වැසි නිවෙස්වලට ඇතුල්වීම

👉🏻මාර්ගවලට දුව යාම

👉🏻වාහන, සයිකල්කරුවන් සහ පුද්ගලයන් පසුපස හඹා යාම

👉🏻වෙනත් බල්ලෙකුට කණ්ඩායමක් ලෙස ප්‍රහාර කිරීම

වැනි ගැටලු ඇති කළ බවයි.

‼️බොහෝ දෙනා කියා සිටින්නේ

“පැමිණිලි කළත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ” යන්නයි.

බල්ලන්ගෙන වෙන අනතුරු ගැන අපි ඔබට පෙර සිටම වාර්තා කළා.මේ තවත් එක සිදුවීමක් පමණයි. ඔබේ ප්‍රදේශයේත් අනතුරුදායක බල්ලන් සිටී නම් වහාම අවශ්‍ය අංශ දැනුවත් කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *