
🇺🇸 “ඩියෙගෝ ගාර්සියා දූපත අත්හැරියොත් ලොකු වැරැද්දක්” – ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්මර් වෙත දැඩි ලෙස කියා සිටියේ,
👉 චාගොස් දූපත් මොරීෂස්ට ලබාදීම “විශාල වැරද්දක්” බවයි.
ඔහු Truth Social මඟින් මෙසේ ලියා ඇත:
⚠️ “ඩියෙගෝ ගාර්සියා අත්හැර දෙන්න එපා!”
🏝️ චාගොස් දූපත් ගැන මේ කතාව මොකක්ද?
චාගොස් දූපත් සමූහය ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන අතර, ඒ අතරින් ඩියෙගෝ ගාර්සියා කියන දූපත ඉතාම වැදගත්.
එහි තිබෙන්නේ:
🪖 බ්‍රිතාන්‍ය–අමෙරිකා එක්ව පවත්වාගෙන යන විශාල හමුදා කඳවුරක්
🤝 බ්‍රිතාන්‍යගේ නව ගිවිසුම
2025 දී බ්‍රිතාන්‍යය තීරණය කළේ චාගොස් දූපත් මොරීෂස්ට අයිතිය ලබාදීමට.
නමුත්
✅ ඩියෙගෝ ගාර්සියා හමුදා කඳවුර 99 වසරක කුලියකට තබාගැනීමටයි.
🇺🇸 අමෙරිකාවේ මතය දෙපැත්තටම.
📌 අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගිවිසුමට සහය දක්වනවා කියලා කියන අතර,
ට්‍රම්ප්ගේ දක්වන්නෙ වෙනස් අදහසක්,
ඔහුට අනුව
⚠️ මේක අනාගතයේ ආරක්ෂාවට අවදානමක්.
ඔහු පවසන්නේ:
👉 ඉරානය වගේ රටවල් සමඟ ගැටුම් ඇතිවුණොත් මේ කඳවුර අත්‍යවශ්‍ය බවයි.
👥 චාගොස් ජනතාවගේ වේදනාව
මෙම දූපත් වල මුල් ජනතාව වූ චාගොස් වාසීන් 1960–70 දශක වලදී ඔවුන් බලහත්කාරයෙන් ඉවත් කර තිබුණා.
ඔවුන් අදත් ඉල්ලන්නේ:
🏠 නැවත තමන්ගේ නිවෙස්වලට යාමට අවසර සහ ඔවුන්ට සාධාරණ විසඳුමක්.
මේ සිද්ධිය හරහා පෙනීයන්නේ
🌐 ලෝක දේශපාලනය
🪖 ආරක්ෂාව සහ හමුදා බලය
⚖️ මුල් ජනතාවට වූ අසාධාරණ වලට විසඳුම්
එකම තැනක හිර වුණු විශාල ගැටලුවක් බවයි.
එදත් අදත් මේ ලෝකයේ කෙතරම් අසාධාරණ කතා කදුළුවලටම දියවී යන්නට ඇත්ද?

0 Comments