
නවසීලන්තයේ අධික කාලගුණයෙන් රට කම්පා වෙයි
RNZ වාර්තාවක් අනුව, නවසීලන්තය තුළ මේ වසරේ මුල් මාස කිහිපය තුළම
අතිවිශාල සංඛ්‍යාවක “Local State of Emergency” ප්‍රකාශ කර තිබෙනවා.
ඒකට ප්‍රධාන හේතුව – දැඩි වැසි, ගංවතුර, සුළි කුණාටු සහ දරුණු කාලගුණික තත්ත්වයන්.
අසාමාන්‍ය වර්ධනයක්!
2002 වසරේ මුළු අවුරුද්ද පුරාම ප්‍රකාශ කළ ආපදා දින ගණන – 4 දිනක් පමණයි.
නමුත් 2026 වසරේ මුල් මාස 2 තුළම – දින 70කට වැඩි සංඛ්‍යාවක්!
මෙය පෙන්වන්නේ දැන් කාලගුණ සිදුවීම් නිතර හා දරුණු ලෙස සිදුවෙමින් පවතින බවයි.
“State of Emergency” කියන්නේ මොකක්ද?
ප්‍රාදේශීය පාලන ආයතන (Councils) විසින් මෙය ප්‍රකාශ කරන විට, ඔවුන්ට විශේෂ බලතල ලැබෙනවා:
ජනතාව හදිසි ඉවත් කිරීමට (Evacuate).
මාර්ග වසා දැමීමට.
අවශ්‍ය වාහන, උපකරණ භාවිතයට ගැනීමට.
පොලීසියට අමතර බලතල ලබාදීමට.
මෙය කරන්නේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහායි.
දේශගුණ විපර්යාස වල බලපෑම?
විශේෂඥයන් කියන්නේ:
“සියවසකට වරක්” සිදුවෙන කාලගුණ විපරර්‍යාස දැන් අවුරුදු කිහිපයකට වරක් නැවත සිදුවෙන බවයි.
දේශගුණ විපර්යස (Climate Change) හේතුවෙන් වැසි හා සුළි කුණාටු දැඩි වී තිබෙනවා
MetService අනාවැකි දැන් වඩා නිවැරදි බැවින්, Councils, පැමිණෙන අනතුරට කළින්ම ආපදා තත්ත්වය ප්‍රකාශ කරනවා.
“අධික හදිසි ප්‍රකාශන” ජනතාවට පුරුදු වෙයිද?
මේක තවත් ප්‍රශ්නයක් –
“නිතර ආපදා තත්ත්වය ප්‍රකාශ කළාම, ජනතාව ඒක ගැඹුරු ලෙස නොසලකයිද?”
නමුත් ආපදා විශේෂඥයන් කියන්නේ:
ඉක්මනින් ක්‍රියා කිරීමෙන් දරුණු හානි වලක්වාගන්න පුළුවන්.
ප්‍රමාද වුණොත් ජනතාවට බරපතළ අවදානමක් ඇතිවෙයි.
ජනතාවට දෙන උපදෙස්
හදිසි අවස්ථා සඳහා Emergency Kit එකක් සකස් කරගන්න
රේඩියෝ, දුරකථන හරහා නිල නිවේදන පිළිබඳ අවධානයෙන් ඉන්න
අවශ්‍ය නම් ඉක්මනින් ඉවත් වීමට සැලසුමක් තබාගන්න
නවසීලන්තය දැන් මුහුණ දෙන්නේ නව කාලගුණ අත්දැකීම රාමුවකට.
“ආපදා තත්ත්වය” යන වචනය දැන් සාමාන්‍ය වෙමින් පවතින අතර, ප්‍රශ්නය නම් – අපි තාමත් මේකට සූදානම්ද?

0 Comments