
නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉංග්‍රීසි භාෂාව නිල භාෂාවක් ලෙස නීතිගත කිරීමට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. දැනටමත් රටේ වැඩිපුරම භාවිතා වන භාෂාව ඉංග්‍රීසි වුවත්, එය නීතියෙන් “නිල භාෂාවක්” ලෙස සඳහන් වී නැත.
මෙම පනත සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ උණුසුම් වාද-විවාද ඇතිවී ඇත.
පනත් කෙටුම්පතේ අරමුණ
ඉංග්‍රීසි භාෂාව නීතිමයව නිල භාෂාවක් ලෙස ප්‍රකාශ කිරීම.
එමඟින් ඉංග්‍රීසි භාෂාව ටෙ රේඔ මාවෝරි (Te Reo Māori) සහ නවසීලන්ත සංඥා භාෂාව (NZ Sign Language) සමඟ එකම තත්ත්වයට පත් කිරීම.
පනත ඉතා කෙටි එකක් වන අතර, “ඉංග්‍රීසි දැනටමත් රටේ ප්‍රධාන භාෂාව” යන කරුණ නීතියේ සටහන් කිරීමයි මෙහි මූලික අදහස.
කවුද මෙය ඉදිරිපත් කළේ?
මෙම පනත නීති අමාත්‍ය Paul Goldsmith විසින් ඉදිරිපත් කර ඇත.
NZ First නායක Winston Peters පාර්ලිමේන්තුවේදී එය දැඩි ලෙස ස්ථීර කරමින්, “ඉංග්‍රීසි දැනටමත් ප්‍රධාන භාෂාවක් නම්, නීතියේ ඒ බව සඳහන් කිරීම සාමාන්‍ය කරුණක්” බව කියා සිටියේය.
විරුද්ධ මත තියනවද?
මේ පනත් කෙටුම්ලතෙන් පක්ෂ අතර දැඩි විවාදයක් ඇතිවී ඇත.
සහය දක්වන පාර්ශවය (National / ACT / NZ First)
මෙය “සාමාන්‍ය බුද්ධියට අදාළ” තීරණයක් බව කියයි.
රජයේ සේවාවන් ඉංග්‍රීසි මූලික කරගැනීම වැදගත් බව පෙන්වා දෙයි.
විරුද්ධ පාර්ශවය (Labour / Green / Te Pāti Māori)
මෙය “අවශ්‍ය නොවන පනතක්” බව කියයි.
ඉංග්‍රීසි භාෂාවට කිසිදු තර්ජනයක් නැති බැවින්, මෙය දේශපාලන අවධානය වෙනතකට හැරවීමක් බව පෙන්වා දෙයි.
Te Pāti Māori මන්ත්‍රීවරයෙක් තම කතාව සම්පූර්ණයෙන්ම ටෙ රේඔ මාවෝරි භාෂාවෙන් සිදුකරමින් විරෝධය දැක්වීය.
ඉදිරියට කුමක් වෙයිද?
පනත පළමු වරට කියවා ඇත.
නව සැසි ආරම්භ වූ පසු (මාර්තු මාසයේ) තවත් විවාද සඳහා යොමු කෙරේ.
මේ ගැන ඔබේ අදහස මොකද්ද? ඉංග්‍රීසි භාෂාව නවසීලන්තයේ නිල භාෂාවක් විදියට ඔබ පිළිගන්නවද?

0 Comments