
State Highway 1 මත ඊයේ තවත් හදිසි අනතුරක් සිදුව ඇත.
Auckland නගරයේ ප්‍රධාන මාර්ගයක් වන State Highway 1 (SH1) මත ඊයේ සවස කාර් එකක් හදිසියේම ගිනිගත් බව The New Zealand Herald වාර්තා කරයි.
සිදුවීමේ විස්තර
සිද්ධිය සිදුව ඇත්තේ සවස 6.15ට පමණ
Fire and Emergency New Zealand වෙතින් ගිනි නිවීමේ රථ 2ක් එවලා
ගිනිගත් කාර් එකේ සිටි සියලුදෙනාම ගිනි නිවීමේ කණ්ඩායම පැමිණීමට පෙරම පිටතට පැමිණ ඇත
කිසිදු තුවාලයක් වාර්තා වී නැහැ
කාර් එක ගිනිගත් ආකාරය
ගිනි නිවීමේ කණ්ඩායම පැමිණෙන විට කාර් එක සම්පූර්ණයෙන්ම ගිනිගනිමින් තිබූ බව සඳහන්.
ඔවුන් ඉක්මනින් ගින්න පාලනය කර ඇත.
වාහනය මාර්ගයේ පැත්තක නවතා තිබීම නිසා විශාල අනතුරක් වළක්වා ගත හැකි වී ඇත.
මාර්ග ගමනාගමනයට බලපෑම
සවස කාර්යබහුල වේලාවක් වූ නිසා කෙටි කාලයක් ගමනාගමනය ප්‍රමාද විය.
නමුත් විශාල මාර්ග වසා දැමීම් වාර්තා වී නැත
ගිනිගත් හේතුව?
මෙම ගිනිගැනීමේ හේතුව තවම නිල වශයෙන් හෙළි කර නැත.
රියදුරන්ට මතක් කිරීමක්
ඔබගේ වාහනය නිතර පරීක්ෂා කරන්න.
ගිනිගැනීම් වළක්වා ගැනීමට සේවා පරීක්ෂාව (servicing) නියමිත කාලයේදී කරන්න.

0 Comments