← BACKCrime

නෙල්සන් මහ අධිකරණයේ ඇසෙන නඩුව!“කෑම කන්න බැහැ” කියූ දරුවා – බිම තිබෙන කෑම අහුලගෙන කන බව උසාවියට කියයි.

BY DhanushPUBLISHED FEBRUARY 25, 20261 MIN READ0 COMMENTS

👨‍⚖️නවසීලන්තයේ Nelson High Court හි මේ දිනවල විභාග වෙමින් පවතින නඩුවක් සමාජයේ දැඩි අවධානයට ලක්ව තිබේ. ලක්කිවි නිව්ස් අපි මෙම නඩුවේ සවිස්තරාත්මක පුවත් මුළ සිටම වාර්තාකළා.

‼️දරුවෙකුට වෛද්‍ය ප්‍රතිකාර අනවශ්‍ය ලෙස භාවිත කර වෛද්‍ය අපයෝජනය (Medical Child Abuse) සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මවක් මෙම නඩුවට මුහුණ දෙයි.

❌නමුත් ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

👩‍⚖️ මවට එල්ල වූ චෝදනා

මවට එරෙහිව:

✔️ දරුවාට අනිසි ලෙස වධ දීමේ චෝදනා 4ක්

✔️ රෝග ආසාදනය කිරීමට සම්බන්ධ චෝදනා 3ක්

මෙම සිදුවීම් සම්පූර්ණයෙන්ම මාස 19ක් පුරා සිදු වූ බව අධිකරණයේදී සඳහන් විය.

🍽️ “කෑම කන්න බැහැ” – නමුත් බිමෙන් කෑම අහුලගෙන කන දරුවා!

💁🏻‍♂️උසාවියේදී සම්භන්ධිත පවුලේ සාමාජිකයෙක් සාක්ෂි දෙමින් කියා සිටියේ:

👉🏻මව සැමවිටම කියා සිටියේ දරුවාට බඩවැල් රෝගයක් ඇති බැවින් සාමාන්‍ය කෑම කන්න නොහැකි බවයි.

👉🏻නමුත්, එක් අවස්ථාවක දරුවා බිම වැටුණු කෑම කැබලි සොයාගෙන කන බව තමන් දැක ඇති බවත්,

👉🏻තවත් අවස්ථාවක, මව දරුවාට කුඩා කුකුල් මස් කැබැල්ලක් දුන් බවද සාක්ෂියෙන් හෙළි විය.

😯මෙය අධිකරණය තුළ දැඩි අවධානයට ලක්විය.

🏥 මේ වනවිට දරුවාගේ වෛද්‍ය පසුබිම කෙසේද?

👉🏻දරුවා බරපතළ වර්ධන හා පෝෂණ ගැටළු සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

👉🏻සමහර අවස්ථාවල feeding tube හෝ IV (TPN) මගින් පෝෂණය ලබාදී තිබේ.

👉🏻බොහෝ වාරයක් රෝහල්ගත වීම, පරීක්ෂණ සහ ශල්‍ය ප්‍රතිකාර සිදු විය.

⚔️ දෙපාර්ශවයේ තර්ක
🔴 රජයේ නීතිඥ පාර්ශවය (Prosecution) කියන්නේ:

👉🏻දරුවාට අවශ්‍ය නොවන වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබේ

👉🏻කෘත්‍රිමව ආසාදන ඇති කළ හැකි බවට සැක පවතින බව

👉🏻මවගේ ප්‍රකාශ හා සත්‍ය සිදුවීම් අතර පැහැදිලි නොගැළපීම් තිබෙන බව

🔵 ආරක්ෂක පාර්ශවය (Defence) කියන්නේ:

👉🏻මෙය අපයෝජනයක් නොව, බරපතළ රෝගී දරුවෙකු බේරාගැනීමට කළ උත්සාහයක් බව

👉🏻සියලු ක්‍රියා වෛද්‍ය උපදෙස් යටතේ සිදු කළ බව

🔒 අනන්‍යතාව සඟවා ඇත

දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්, මවගේ නාමය හා අනන්‍යතාවය නීතිමය වශයෙන් සඟවා ඇත.

මෙය නවසීලන්තයේ වෛද්‍ය පද්ධතිය සහ දෙමාපිය වගකීම ගැන විශාල සංවාදයක් ඇති කර ඇති නඩුවකි. තවමත් සත්‍යය දෙපැත්තට දෝලනය වෙමින් පවතී.

මෙම නඩු විභාගය පිළිබදව මුල සිට පළ වූ සියලු ලිපි පහත links ඔස්සේ කියවන්න.

https://lakkiwi.nz/2026/02/19/news-2026-02-19-5591/ – Article 01

https://lakkiwi.nz/2026/02/24/news-2026-02-24-9581/ – Article 02

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *