
නවසීලන්තයේ Christchurch නගරය මේ දිනවල සම්පූර්ණයෙන්ම සංගීතයෙන් කුල්මත් වෙමින් පවතිනවා. Hagley Park හි පැවැත්වෙන Electric Avenue සංගීත උත්සවය දැන් නවසීලන්තයේ විශාලතම හා අලංකාරම සංගීත උත්සවයක් බවට පත්වී තිබෙනවා.
🎤 🌟 Legends + Big stages
මෙවර උත්සවයේ විශේෂත්වය වන්නේ පැරණි සහ නව තරු එකට එක්වීමයි.
🎸 ජනප්‍රිය කණ්ඩායමක් වන Split Enz නැවත් එකතුවෙමින් ප්‍රධාන වේදිකාව උණුසුම් කළා.
🎧 ජාත්‍යන්තර DJ තරුව Dom Dolla ඇතුළු විදේශීය කලාකරුවන් රැසක්ද මෙවර උත්සවයට සහභාගී වුනා.
මෙම නව හා පැරණි සංකලන ලැයිස්තුව නිසා තරුණයින් මෙන්ම වැඩිහිටි සංගීත රසිකයන් ද එකට එක්ව උත්සවය රස විඳින හැටි දකින්න පුළුවන්.
🎟️ 🔥 විශාල ජනප්‍රියතාවයක්! ජනාදරයක්!
🎫 දින දෙක වෙනුවෙන් ටිකට් 90,000කට ආසන්න ප්‍රමාණයක් විකිණී තිබෙනවා.
🏨 හෝටල්, Restaurant , ප්‍රවාහන සේවා ඇතුළු ව්‍යාපාර රැසකට මෙය විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලබා දෙනවා.
👗 උත්සවයට පැමිණෙන රසිකයන් විලාසිතාමය හා විවිධ රංගනීය ඇඳුම් වලින් පැමිණීමත් සමඟ සමාජ මාධ්‍යයේ උණුසුම තවත් වැඩිවුනා.
🌆 🏙️ නගරයට “නව පණක්”
Electric Avenue දැන් සංගීත උත්සවයක් පමණක් නොව, Christchurch නගරයේ සංස්කෘතික නව ආරම්භයක් ලෙස සැලකෙනවා.
භූමිකම්පාවන් සහ අභියෝගවලට පසුව නගරය නැවත ජීවීබවට පැමිණෙන බව මෙය ලෝකයට පෙන්වාදෙනවා.
🎉 සංගීතය, උණුසුම සහ නගරයේ නව ආරම්භය – Electric Avenue 2026 ඉතිහාසයට එක්වෙයි!
ඔබත් මෙම උත්සවයට සහභාගී වූ අයෙක් නම් එහි වූ විචිත්‍ර ඡායාරූප අප හා බෙදාගන්න පහළින් කමෙන්ට් කරන්න. 👇🏻📸

0 Comments