
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විශේෂ පියවර රැසක් ගෙන තිබේ. ✈️🇱🇰
📌 මගීන් දැනුවත් විය යුතු වැදගත් කරුණු:
🚫 ගුවන් ගමන් අත්හිටුවීම:
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ ෆිට්ස් ගුවන් සමාගම මගින් අදාළ කලාපීය ගමනාන්ත වෙත ක්‍රියාත්මක කරන ගුවන් වාර තාවකාලිකව අත්හිටුවා ඇත.
📞 අත්‍යවශ්‍ය උපදෙස්:
ගුවන් මගීන් ගුවන්තොටුපොළ බලා පැමිණීමට පෙර, තමන්ගේ ගුවන් ගමන් නියෝජිතයා හෝ අදාළ ගුවන් සමාගම අමතා තොරතුරු තහවුරු කරගන්න.
🏗️ විකල්ප පියවර:
ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී ගුවන් යානා මෙහෙයවීම සඳහා මත්තල ගුවන්තොටුපොළ (MRIA) මේ වන විටත් සූදානම් කර ඇත.
✅ බිය නොවන්න:
මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, නිල තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් සිවිල් ගුවන්සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

0 Comments