
මෙන්න තිත්ත ඇත්ත” ![]()
මේ දවස් වල නවසීලන්තයේ ප්‍රසංග ගැන බොහෝ තැන් වල කතා වෙනවා. ඇත්තටම එහෙම ප්‍රේක්ෂකයෝ කතා වෙන එක සාධාරණද…? අපේ Whatsapp අංකය ඔස්සේ බොහෝ දෙනා විවිධ පැමිණිලි එවා තිබෙනවා. ඒවායේ තියන ඇතැම් දේවල් ප්‍රසිද්ධියට පත් කරන්න බැහැ. සමස්ථයක් විදියට මේ ගැන පොදු හෙලිදරව්වක් කරන්න හිතුවේ ප්‍රේක්ෂක – සංවිධායක හැමෝගෙම යහපත ගැන හිතලා.
මීට දශක කිහිපයකට කලිං නවසීලන්තයේ ප්‍රසංග පැවැත්වූයේ සංවිධානයකට හෝ පොදු අරමුණකට ආධාර ලබාගැනීමේ ව්‍යාපෘතිය ඉලක්ක කරගෙන. නමුත් කල් යෑමේදී එය කර්මාන්තයක් බවට පත්වුනා. එහිදී ප්‍රධානතම අරමුණ බවට පත්වුනේ ලාභය. එවිට ප්‍රවේශ පත්‍ර මිල ඉහල ගියා. සංවිධයකයෝ අතර තරඟ ඇතිවෙන්න පටන් ගත්තා. මාසෙකට එක ප්‍රසංගයක් වෙනුවට සතිපතා එක පිට එක ප්‍රසංග ගේන්න ගත්තා. ඒ නිසා ලාභ ලැබීම කෙසේ වෙතත්, පාඩු ලබන අවස්ථා වැඩි වෙන්න පටන් ගත්තා.
සමහරුන්ට කෑම, හෝටල් බිල්පත් ගෙවාගැමීමට නොහැකිව සමහර නගර මගහැරලා ඉන්න සිද්ධ වෙලා.
ශිල්පීන්ට ගාස්තු ගෙවන්නේ නැතුව, හරියට සංග්‍රහ කරන්නේ නැතුව මගහැරලා ඉන්න ආරංචිත් නැතුවාම නෙමෙයි. එක ප්‍රසංගයක් පොඩි වැරැද්දක් වුනාම අනෙත් සංවිධයකයෝ ඒකට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීලා තරඟය සෑහෙන බලවත් බව හැමෝටම පෙන්වා දෙනවා.
මේ සියළු කාරනා අතරේ ප්‍රවේශ පත්‍ර මිල හරිම ඉහලයි. පිරිවැය අධික නිසා එහෙම නොකරත් බෑ. සංවිධායක ආයෝජනය බරපතලයි. ලාභ ලබනවට වඩා පාඩු නොවි ඉන්න පුදුම සටනක් දෙන්න ඕන. ඒ නිසා ඔවුන් ඉන්නේ ප්‍රසංගයක් අවසන් වනතුරු සෑහෙන දෙගිඩියාවක.
මොකද්ද මේකට විසදුම. පුලුවන් නම් හැමෝම කතා වෙලා මාසෙකට ප්‍රසංග දෙකකට වඩා සැලසුම් නොකර ඉන්න පුලුවන් නම් ගොඩාක් අයටන්පහසු වෙනවා. ශිල්පීන්ටත් විශ්වාසය වැඩි වර්ධනය වෙනවා. මේ කර්මාන්තය බිඳ වැටුනොත් ප්‍රේක්ෂකයා අමාරුවේ. ඒ නිසා හෑමෝම සම්මුතියකි වැඩ කිරීම කාටත් වැඩදායී බව කිව යුතුමයි.
( whatsapp හරහා පණිවුඩ එවූ අයගේ තොරතුරු සංක්ෂිප්ත කොට ඉදිරිපත් කට ඇති බව කරුණාවෙන් සලකන්න. )

0 Comments