
සටනේ ආරම්භය
2026 පෙබරවාරි, ඇමෙරිකාව සහ ඉස්‍රායෙල් එක්ව ඉරානයට විරුද්ධව ආරම්භ කළ විශාල යුද්ධ මෙහෙයුම “Operation Epic Fury” ලෙස හැඳින්වෙනවා.
මෙම මෙහෙයුමෙන් ඉරානයේ යුධ අවි බලය යටිතල පහසුකම් සහ හමුදා ප්‍රධානීන් ඉලක්ක කර දියත් කළ ලෝකයේ මෙතෙක් පැවති දරුණු ගනයේ මෙහෙයුමක්..
අමෙරිකානු යුධ ගුවන් යානා වලට මොකද වුනේ?
• ස්ටිල්ත් බෝම්බර්, ෆයිටර් ජෙට් සහ නිරීක්ෂණ යානා මෙහෙයුමට වැඩි වශයෙන් යොදාගත්හ.
• ක්‍රියාවලියේදී නව ඩ්‍රෝන් තාක්ෂණයද පළමු වරට යොදාගෙන තිබෙන බව සදහන්.
• වාර්තා අනුව, ඇමරිකානු යුධ ගුවන් යානා කිහිපයක් බිම පතිත වී ඇතත්, නිල අමෙරිකානු හමුදා ප්‍රකාශයෙන් තවම තහවුරු කර නැහැ.
සිදුවූ අලාභහානි සහ ජීවිතහානි
• ලැබුනු වාර්තා අනුව එෆ්‑15 යානයක් කුවේට් අවටදී ප්‍රහාරයට ලක් වුනා, කෙසේවෙතත් ගුවන් නියමුවන් දෙදෙනා ආරක්ෂිතව පලා ගියා.
• මෙහෙයුම නිසා අමෙරිකානු හමුදා සාමාජිකයින් 3 දෙනෙක් මිය ගියා, 5 දෙනෙක් දැඩිව තුවාල ලබා හදිසි ප්‍රතිකාර ලබමින් සිටිනවා.
තවමත් මැදපෙරදිග යුධගිනි ඇවිලෙමින් තිබෙන අතර ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ජීවිත හා දේපළ හානි බොහෝසෙයින් සිදුවන මොහොතක්. ඉක්මනින් සාඛච්චා මාර්ගයට යා යුතු තීරණාත්මක මොහොතක්.ඉක්මනින් ලෝක සාමය උදාවේවායි අපි ප්‍රාර්ථනා කරමු! ![]()

0 Comments