← BACKTravel

ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පුරා ගුවන් ගමන් අර්බුදකට ලක්වෙයි!

BY DhanushPUBLISHED MARCH 3, 20261 MIN READ0 COMMENTS

අද දිනයේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්තය පුරා ගුවන් ගමන් විශාල ලෙස ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වෙලා තියෙනවා. මෙම අර්බුදය හමුවේ දහස් ගණනක් මගීන්ට ගුවන් තොටුපොළෙහි දිගු වේලාවක් රැදී සිටීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

📊 ගැටලුවේ ප්‍රමාණය කෙතරම්ද?

මේ හේතුවෙන්

🔴 587කට අධික ගුවන් ගමන් ප්‍රමාද වී ඇත

❌ 65කට අධික ගුවන් ගමන් අවලංගු කර ඇත

🏙️ වැඩිම බලපෑම ඇතිවූ නගර මොනවාද?

• ඕස්ට්‍රේලියාවේ – සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්

• නවසීලන්තයේ – ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච්

මෙම ප්‍රමාද සහ අවලංගු කිරීම් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් යන දෙකටම බලපා ඇත.

🌍 මේවැනි තත්වයක් ඇතිවූයේ ඇයි?

මෙම ගැටලුවට ප්‍රධානම හේතුව වන්නේ මැදපෙරදිග කලාපයේ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන් මාර්ග කිහිපයක් වසා දැමීමයි.

✈️ මැදපෙරදිග හරහා ගමන් කරන ලොව පුරා ගුවන් ගමන් බොහොමයක් ගුවන් සේවා

➡️ ආරක්ෂාව සඳහා මාර්ග වෙනස් කර ඇත.

➡️ දිගු ගමන් මාර්ග භාවිතා කරමින් සිටියි.

➡️ ඉන්ධන සැලසුම් සහ කාලසටහන් වෙනස් වී ඇත.

මේ සියල්ල ඔස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් වලටද සෘජුව බලපා ඇත.

🛫 බලපෑමට ලක්වූ ගුවන් සේවාවන් වන්නේ,

• Emirates

• Qatar Airways

• Air New Zealand

• Jetstar

• Qantas සහ අනෙකුත් ගුවන් සේවාවන් වේ.

සමහර ගුවන් සේවාවන් මැදපෙරදිගට සහ එම මාර්ග හරහා යන ගමන් තාවකාලිකව නවතා දමා ඇත.

🧳 මගීන්ට ඇතිවූ අපහසුතාවය කෙසේද?

❗ අවසන් මොහොතේ ගුවන් ගමන් අවලංගු වීම වාර්තාවීම.

🕒 පැය ගණන් ගුවන් තොටුපළවල රැඳී සිටීමට සිදුවීම.

🏨 නවාතැන් සොයා ගන්න අපහසු වීම

📞 තොරතුරු ලබා ගැනීමට දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවීම.

මෙය කොවිඩ් සමයෙන් පසු ඇතිවූ විශාලතම ගුවන් ගමන් අර්බුදයක් ලෙස වාර්තා කෙරේ.

✅ මගීන්ට දෙන උපදෙස්

✔️ ගුවන් තොටුපළට යාමට පෙර ඔබගේ ගුවන් ගමන් තත්ත්වය අන්තර්ජාලයෙන් පරීක්ෂා කරන්න.

✔️ අවලංගු වුවහොත් ගුවන් සේවාව සමඟ සෘජුව සම්බන්ධ වන්න.

✔️ රජයේ ගමන් උපදෙස් (Travel Advisories) නිතරම පරීක්ෂා කරන්න.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් දිගටම පැවතීමට ඉඩ ඇති බැවින් ඔබ මේ දිනවන රටෙන් පිටවීමට හෝ පැමිණීමට බලාපොරොත්තු වනවා නම් පෙර සූදානම ඉතා වැදගත් එම නිසා අවශ්‍ය තොරතුරු හොදින් සොයා බලා ගමන ආරම්භ කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *