
“ඔබ මීට පෙර නොදුටු නව ආයුධ අද අපි පෙන්වන්නම්.”
ඉරාන කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජනරාල් ඉබ්‍රාහීම් ජබ්බාරී රතු නිවේදන නිකුත් කර ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉරානයේ ‘රතු ඉරි’ ඉක්මවා ගොස් ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට දැඩි වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන ඉහළ පෙළේ නායකත්වය අවධාරණය කරයි. කලාපීය යුදමය වාතාවරණය තීරණාත්මක මාවතකට අවතීර්ණ වෙමින් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
1. ලෝකය මින් පෙර කිසිදා දැක නැති නවීන අවි ආයුධ ඉදිරි ප්‍රහාරයන් සඳහා භාවිත කිරීමට සූදානම් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ජෙනරාල් ඉබ්‍රාහීම් ජබ්බාරි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කළේ ඉරාන රජයේ රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
2. ”විනාශකාරී ප්‍රති-ප්‍රහාර” අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකළ ක්‍රියාවන්ට එරෙහිව “විනාශකාරී ප්‍රති-ප්‍රහාර” දියත් කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා ඇත.
3. “ඔබ අපේ රතු ඉර පසු කර තිබෙනවා. ඒ සඳහා දැන් වන්දි ගෙවිය යුතුයි. අපගේ ප්‍රහාරයන් හමුවේ අවසානයේ ඔබට බැගෑපත් වීමට සිදුවනු ඇත,” යනුවෙන් ගලිබාෆ් වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉරාන නායකයන් පෙන්වා දෙන්නේ අමෙරිකානු සහ ඊශ්‍රායල නායකයන් “අපරාධකරුවන්” ලෙස කටයුතු කරන බවයි. අද දිනය තුළම කිසිදා අමතක නොවන දැඩි වන්දියක් ගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

0 Comments