← BACKEnvironment

ලෝකයම මවිත කළ 2026 වසරේ World Nature Photography Awards ජයගත් ඡායාරූපය.

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

🏆ලෝකයේ සුන්දරත්වය, සතුන්ගේ ජීවන රටාව සහ පෘථිවියේ රහස් තැන් සියුම් ලෙස කැමරාවට හසු කරගත් විශ්මිත ඡායාරූප පෙළක්, මෙවර World Nature Photography Awards තරඟයේදී ප්‍රකාශයට පත් කර තිබුනා.

🌎මෙවර තරඟයට රටවල් 50 කට අධික ප්‍රමාණයකින් ඡායාරූපකරුවන් සහභාගී වී තිබුණි.

🏆 වසරේ හොදම ස්වභා සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පියා ඕස්ට්‍රේලියාවෙන්.

🇦🇺මෙවර ප්‍රධාන සම්මානය දිනාගත්තේ ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පි Jono Allen ය.

🌊 ජයග්‍රාහී ඡායාරූපය ගැන බිදක්;

👉🏻ටොන්ගා දූපත් අසල මුහුදු ජලයේ ගැඹුරු ස්ථානයක් ඉතා අසීරුවෙන් ගන්නා ලද ඡායාරූපයක්.

🐳සුදු හම්ප්බැක් තල්මසුන්ගේ (white humpback whale) කුඩා පැටවෙක් සහ මව එකට පිහිනමින් සිටින ආකර්ෂණීය දර්ශනයක්.

😵විශේෂම කාරණය නම් මෙම වර්ගයේ සුදු තල්මසුන් ඉතා දුර්ලභයි. මෙවැනි දසුනක් දැකිය හැක්කේ සහස්‍ර ගණනකට වරක් ලෙස සැලකේ.

📌 මෙම ඡායාරූපය සොබාදහමේ විශ්මිතබව සහ එය සුරක්ෂිත කිරීමේ වැදගත්කම ලෝකෙටම සිහිපත් කරයි.

🎞️ අනෙක් කැපී පෙනෙන ජයග්‍රහණ මොනවාද?

🟢 සත්ව පිංතූර (Animal Portrait)

👉🏻උගන්ඩාවේ බ්වින්දි වනාන්තරයේ ගන්නා ලද ඡායාරූපයක්

🦍කුඩා ගෝරිල්ලා පැටියෙක් සමනලයෙක් දෙස මෘදු හා ආදර්ණීය ලෙස බලන දර්ශනයක්.

👉 මිනිසාට සමීප සතුන්ගේ සෞන්දර්යාත්මක හැඟීම් ඉතා පැහැදිලිව පෙන්වයි

🦎 අභියෝගාත්මක ස්වභාවධර්මය (Extreme Nature)

නමිබ් කාන්තාරයේ වැලි සුළඟක් අතර ගමන් කරන කැමලියන් (chameleon)

👉 මෙමගින් අධික පාරිසරික තත්ත්වයන් තුළ සතුන්ගේ ජීවත්වීමේ ශක්තිය විදහාපෙන්වයි

🐻 පාරිසරික පණිවිඩයක්

කසළ ගොඩක් අතර ආහාර සොයන හිම වලසා (polar bear)

👉 මිනිසාගේ බලපෑම සොබාදහමට ඇති කරන අවදානම මෙයින් ඉස්මතු කරයි.

🌍 තරඟයේ විශේෂත්වය

👉🏻රටවල් 51 කින් සහභාගී වූ ඡායාරූපශිල්පීන්.

👉🏻සතුන්, පක්ෂීන්, ශාක, දර්ශන සහ පාරිසරික ගැටලු ඇතුළත් වර්ග කිහිපයක තරඟ.

👉🏻සොබාදහමේ ලස්සන පමණක් නොව, එය රැකගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කිරීම.

💡 මෙම ජයග්‍රාහී ඡායාරූප අපට මතක් කරන්නේ — පෘථිවිය විශ්මිතයි, නමුත් එය ආරක්ෂා කිරීම අපගේ මහගු වගකීමයි.

“ඔබත් ස්වභාව සෞන්දර්යට ඇලුම්කරන ලස්සන මනුස්සයෙක් වෙන්න” කියලා ආදරෙන් ඉල්ලන අතරතුරේම ලෝකෙ ලස්සනම ඡායාරූපවලට ඔබගේ ප්‍රතිචාරය දක්වන්නත් අමතක කරන්න එපා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *