← BACKEnvironment

නවසීලන්ත අමුතු කොකපෝ පක්ෂීන්ගේ “ආදර කාලය” ඇරඹේ!

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

මෙය අතිශය දුර්ලභ කකපෝ පක්ෂීන්ට සුවිශේෂී වසරක්

💕නවසීලන්තයේ ලෝකයේ ඉතාම දුර්ලභ සහ පියාසර කළ නොහැකි එකම ගිරවා වන Kākāpō (කකපෝ) මේ වසරේ විශේෂ “ප්‍රේම කාලයකට” පිවිසිලා තියෙනවා.

😵මෙයට හේතුව වෙලා තියෙන්නේ නවසීලන්ත වනයේ ඇති රීමු ගස්වල (Rimu trees) මේ වසරේ වෙනදාට වඩා විශාල වශයෙන් ගෙඩි හටගැනීමයි. මේ බෙරි වර්ගයේ ගෙඩි වැඩිවීම කකපෝ පක්ෂීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය උද්දීපනය කරන ප්‍රධාන හේතුවක් වෙනවා. 🤔

🌿 මේ වසර ඔවුන්ට සුවිශේෂ වෙන්නේ ඇයි?

🔹 කකපෝ පක්ෂීන් සෑම වසරකම ප්‍රජනනය කරන්නේ නැහැ.

🔹 රීමු ගස්වල ගෙඩි වැඩි වසරවල (සාමාන්‍යයෙන් අවුරුදු 2–4කට වරක්) පමණක් බිත්තර දමනවා.

🔹 2026 වසරේ ගෙඩි ප්‍රමාණය ඉතා ඉහළ නිසා, බොහෝ කකපෝ පක්ෂීන් මේ වසරේ ජෝඩු වී තිබෙනවා.

🔹 මෙය ඉතිහාසයේ විශාලම පැටවුන් සංඛ්‍යාවක් ලබාදෙන වසරක් වීමටත් හැකියාව තිබෙනවා.

🦜 කකපෝ ගැන ඔබ නොදන්න දේ?

✨ ලෝකයේ පියාසර කළ නොහැකි එකම ගිරවා.

✨ රාත්‍රී කාලයේ ක්‍රියාකරන (nocturnal) සත්වයෙක්.

✨ බර කිලෝ 3ක් පමණ වන, දිගු ආයු කාලයක් (60–80 අවුරුදු) ඇති පක්ෂියෙක්.

✨ මෙම ගිරවා “booming” කියන අමුතු ශබ්දයක් නිපදවමින් ගැහැණු සතුන් ආකර්ෂණය කර ගන්නවා.

🛡️ රැකගැනීමේ විශාල මෙහෙයුමක්.

කකපෝ ගිරවුන් තවමත් ජීවත්වන්නේ ඔවුන්ගේ සතුරන් නොමැති දූපත් වලට ‍රැගෙන ගොස් රැකගැනීම නිසායි.

✔️ සෑම පක්ෂියෙකුම විශේෂ උපකරණ මඟින් නිරීක්ෂණය කරනවා.

✔️ බිත්තර බොහෝ විට ආරක්ෂිතව ඉන්කියුබේටර් තුළ තබා නියමුත කාළයේ මුදාහරිනවා.

✔️ 1990 දශකයේ ගිරවුන් 50කට අඩුවෙන් සිටියත්, අද එය 200කට වැඩි සංඛ්‍යාවක් දක්වා වැඩි වී තිබෙනවා.

🌏 කකපෝ ජාතික ගෞරවයක්.

🇳🇿කකපෝ ගිරවුන් නවසීලන්තයට විශේෂ සංකේතයක්. ඔවුන් රැකගැනීම “ජාතික වගකීමක්” ලෙස සලකනවා. මේ වසරේ ඇති මෙම ප්‍රජනන සාර්ථකත්වය, ලෝකයේම පරිසර ආරක්ෂකයන්ට බලාපොරොත්තු ගෙනදෙන සුබ පණිවිඩයක්.

මෙය නවසීලන්තයේ අමුතු, ආදරණීය සහ අගනා ගිරවුන්ට නව ජීවයක් ගෙනෙන සුභ කාලයකි! 🐦💚

මින් පෙර ඔබ කකපෝ ගිරවුන් ගැන දැන සිටියාද? සත්ව ලෝකය ගැන ඔබ දන්නා මෙවැනි සුවිශේෂී කතා ඇත්නම් පහළින් සටහන් කරන්න.ඔබේ දැනුම ලෝකෙටම බෙදාදෙන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *