← BACKEntertainment

“නවසීලන්තයේ සැඟවුණු පුංචි මිනිසුන්ගේ ලෝකය – Hobbiton!

BY DhanushPUBLISHED MARCH 11, 20261 MIN READ0 COMMENTS

අද “Travel with Lakkiwi” ඔබව කැඳවාගෙන යන්නේ මනඃකල්පිත ලෝකයක් සැබෑවක් බවට පත්වුණු, නවසීලන්තයේ මටමාටා (Matamata) නගරයේ පිහිටි Hobbiton Movie Set වෙතයි. ඔබ චිත්‍රපට ලෝලියෙක් වුවත් නැතත්, මෙහි ඇති සුන්දරත්වය ඔබව වශී කරවනවා නොඅනුමානයි! ✨🏡

📍 මෙහි ඇති විශේෂත්වය කුමක්ද?

Hobbit Holes: කඳු ගැට හාරා සාදා ඇති, ඉතාමත් අලංකාර වර්ණවලින් සහ මල්වලින් සැරසුණු කුඩා නිවාස 44ක් මෙහි දැකගත හැකියි. මේවායේ ඇති පුංචි දොරවල් සහ ජනෙල් ඇත්තටම වෙනම ලෝකයකට අපව රැගෙන යනවා. 🚪🌸

The Party Tree: ගම්මානය මැද ඇති දැවැන්ත ගස සහ උත්සව පවත්වන භූමිය චිත්‍රපටයේ එන සුප්‍රකට දර්ශන කිහිපයක්ම මතක් කර දෙන්නක්. 🌳🎉

Green Dragon Inn: සංචාරය අවසානයේදී ඔබට “Green Dragon Inn” වෙත ගොස් සම්ප්‍රදායික පානයක රස බලමින්, හොබිට්වරුන්ගේ ජීවන රටාව අත්විඳීමටත් අවස්ථාව ලැබෙනවා. 🍺🔥

Details (සූක්ෂ්ම නිර්මාණය): මෙහි ඇති සෑම දෙයක්ම (ඇඳුම් වේලෙන වැල්, කුඩා ගෙවතු, ලිපි පෙට්ටි) ඉතාමත් සැබෑ ලෙස නිර්මාණය කර තිබීම සුවිශේෂීයි. 🧺📬

ඔබත් “Lord of the Rings” චිත්‍රපට මාලාවට කැමති කෙනෙක්ද? එහෙනම් මේ තමයි ඔබේ සිහින නවාතැන! 😍

ඔයා එක්ක මෙතනට යන්න ඕන “Movie Partner” ව Mention කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *