← BACKCrime

වසර ගණනාවක් හදවත තුළ සඟවා ගත් වේදනාව…

BY DhanushPUBLISHED MARCH 10, 20261 MIN READ0 COMMENTS

අවසානයේ නවසීලන්ත පොලිස් ස්ථානයක දොරටුව අභියස හෙළිකල ඇගේ දුක්බර කතාව.

කොහොමහරි අමතක කරලා ජීවත් වෙන්න උත්සාහ කළත්, කාලය කෙතරම් ගෙවී ගියත් සමහර වේදනා හදවතෙන් මකා දමන්න බැහැ. ඒ වගේම දුක්බර කතාවක් නවසීලන්තයෙන් මෑත දවසක එළියට එනවා.

මේ වනවිට වැඩිහිටියෙක් වන කාන්තාවක්, වසර ගණනාවකට පෙර සිදුවූ අඳුරු සිදුවීමක් හෙළි කිරීමට නවසීලන්තයට නැවත පැමිණෙනවා. ඒත් මේ ගමන සාමාන්‍ය සංචාරයක් නොවෙයි. ඇයගේ හදවත තුළ වසර ගණනාවක් සඟවාගෙන සිටි රහසක අවසානයක්.

🥺වයස 16දී සිදුවූ අඳුරු මතකයක්.

ඇය වයස 16ක් පමණ වූ හුරුබුහුටි දැරියක්. අධ්‍යාපන හුවමාරු වැඩසටහනක් හරහා නවසීලන්තයට පැමිණෙන ඇයට host family එකක් සමඟ වසරකට ආසන්න කාලයක් ජීවත් වෙන්න සිදුවුනා.

නමුත් එම නිවසේදී ඇයගේ ජීවිතය සදහටම වෙනස් කළ දුක්බර සිදුවීමක් සිදු වූ බව ඇය හෙළිදරව් කරනවා.

ඇයගේ අනාවරණය අනුව, එම නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු විසින් ගෙවුනු වසර පුරාම බලහත්කාරයෙන් ඇය සමග අයුතු ලෙස හැසිරුණු බව ඇය පොලිසියට කියනවා.

ඒ අවස්ථාවේ ඇය දුර රටක තනිව සිටින කුඩා වයසේ දැරියක්.

ලැජ්ජාව, බය සහ “කවුරුන් ඇයව විශ්වාස කරයිද?” කියන සැකය නිසා ඇය ඒ සිදුවීම, ඒ මොහොතේ කිසිවෙකුටත් පවසා නැහැ.

😓නිහඬවම වසර ගණනාව ගෙවී ගිහින්

එම කුරිරු සිදුවීමෙන් පසු ඇය තම රටට ආපසු පිටත්ව ගියා.

කාලය ගෙවී ගියා…… වසර ගණනාවක් ගතවුනා…..

එහෙත් ඇයගේ හදවත තුළ තිබූ ඒ අඳුරු මතකය කිසිදා ඇයට අමතක කරන්න බැරිවුනා…

බොහෝ විට මෙවැනි අපරාධවලට ගොදුරු වූ අය වසර ගණනාවක් පුරා නිහඬවම ජීවත් වෙන්න හුරුවෙනවා.

බිය, වේදනාව, සහ ලජ්ජාව ඔවුන්ව තවත් නිහඬ කරනවා.

🇳🇿අන්තිමේදි ඇය නැවතත් නවසීලන්තයට පැමිණෙනවා.

අවසානයේ ඇය දැඩි තීරණයක් ගන්නවා.

ඒ අතීතය පුරා ගුලිකරගෙන ආ ඒ වේදනාවෙන් සදහටම සමුගන්න.

ඇය වසර ගණනාවකට පසුව නවසීලන්තයට සංචාරකයෙකු ලෙස නැවත පැමිණෙනවා.

දින කිහිපයක් ගත වුණා.

නමුත් ඇයගේ හිතේ තිබුණේ එකම එක දෙයක් පමණයි.ඒ තමන් කුඩා දැරියක්ව සිටි කාළයේ සිදුවූ අමිහිරි සිදුවීම පිළිබද සත්‍ය හෙළිකිරීමයි.

🚔 අවසානයේ පොලිස් ස්ථානයට…

ඇයගේ නවසීලන්ත සංචාරයේ අවසාන දිනය එළඹුණා.ඇය නිහඬවම පොලිස් ස්ථානයේ දොරටුව හරහා ඇතුළු වුණා.

වසර ගණනාවක් හදවත තුළ සඟවාගෙන සිටි දුක්බර කතාව ඇය එහිදී පළමු වරට පොලිසියට පැවසුවා.

එය ඇයට පහසු තීරණයක් නොවුනත්, එය ඇයගේ ජීවිතයේ බර අඩු කරගන්න ගත් ධෛර්යමත් පියවරක් වුනා.

🚨පොලිස් විමර්ශන ආරම්භකරයි.

ඇයගේ පැමිණිල්ලෙන් පසුව නවසීලන්ත පොලිසිය මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරනවා.

වසර ගණනාවකට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීම අපහසු වුවත්,

නවසීලන්ත පොලිසිය පවසන්නේ ඉතිහාසගත ලිංගික අපරාධ සම්බන්ධ පැමිණිලි ඉතා ගැඹුරින් සලකා බලන බවයි.

💪🏻🗣️නිහඬ කතාවක් හඬක් ලබාගත් මොහොතක්

මෙය තවත් එක් කාන්තාවකගේ කතාවක් පමණක් නොවෙයි.

මෙය වසර ගණනාවක් පුරා නිහඬව ජීවත් වන බොහෝ පීඩිතයන්ගේද කතාවයි.

කාලය ගෙවුණත්…

වේදනාව මකා දමන්න බැහැ.

නමුත් සත්‍ය හෙළිකිරීමට ධෛර්යය තිබුණොත්, ඔබේ ජීවිතයේ බර අඩුවෙයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *