
“අපිව බය කරල නම් කවදාවත් ඉරානය නවත්තන්න බැහැ”
-ALI Larijani-
“අපි දැනටමත් ජයග්‍රහණය කරල ඉවරයි”
-Donald Trump-
ඇමරිකාව සහ ඉරානය අතර උත්සන්න වෙමින් පවතින යුධ උණුසුම අතර, ඉරානයේ ප්‍රධාන ආරක්ෂක නායකයෙක් වන
Ali Larijani ට්විටර් (X) හරහා දැඩි පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ,
“ඉරානය කිසිවිටෙකත් පසුබට නොවේ” යන්නයි.
එම පණිවිඩය ඇමරිකාවේ හිටපු ජනාධිපති
Donald Trump පැවසූ ප්‍රකාශයකට පිළිතුරක් ලෙස නිකුත් කළ බව සැලකේ.
“අපි අභියෝගයට සූදානම්” – ඉරානය
ඉරාන නායකත්වය පැහැදිලිව මෙයින් සඳහන් කරන්නේ,
• යුද්ධය ඉක්මනින් අවසන් වෙන්නේ නැහැ.
• බාහිර පීඩනයට ඉරානය යටත් වෙන්නේ නැහැ.
• ඇමරිකාවට එරෙහිව දිගටම ප්‍රතිචාර දක්වනවා යන කාරණාවන්.
ලරිජානි වැඩිදුරටත් සඳහන් කළේ,
“අපිව බය කරල නම් කවදාවත් ඉරානය නවත්තන්න බැහැ”
මෙම ප්‍රකාශය මඟින් ඉරානය දිගු සටනකට සූදානම් බව පෙන්වා දෙයි.
“අපි දැනටමත් ජයග්‍රහණය කරල ඉවරයි” – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඇමරිකාවේ Kentucky ප්‍රාන්තයේ Hebron නගරයේ පැවති ජනහමුවකදී Donald Trump මෙම ප්‍රකාශය සිදු කළේය.
ඔහු කියා සිටියේ,
• “පළවෙනි පැයේම සටන අවසන් වුණා”
• “අපි ජයගත්තා”
• “ඒත් දැන් අපිට ඉක්මනින් නවතින්න බෑ”
• “මේ කාර්යය සම්පූර්ණ කරන්න ඕන”
ට්‍රම්ප්ට අනුව, ඇමරිකාව ඉරානයේ වැදගත් හමුදා ඉලක්ක කිහිපයක් විනාශ කර ඇති බව ඔහුගේ ජයග්‍රහණයයි.
ගැටුම ලෝකයටම බලපාන වෙලාවක තත්ත්වය තවමත් උණුසුම්.
මෙම ප්‍රකාශ දෙකත් සමඟ,
• මැදපෙරදිග කලාපයේ හමුදා ක්‍රියාකාරකම් වැඩිවී ඇත.
• නැව් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර වාර්තා වෙයි.
• ලෝක වෙළඳපොළ සහ තෙල් මිලට බලපෑම් ඇතිවෙමින් පවතී.
• විශාල යුද්ධයක් ඇතිවිය හැකි බවට තවමත් බිය පවතී
යුධ විශේෂඥයන් වැඩිදුරටත් පවසන්නේ,
“මෙය ඉක්මනින් අවසන් නොවෙන ගැටුමක් විය හැකි බවයි”
දවසේ සියලුම පුවත් කාටත් කලින් දැනගන්න www.lakkiwi.nz වෙත පිවිසෙන්න.

0 Comments