← BACKEntertainment

“එක සම්බන්ධයක් ඉවර වෙන්න කලින් තව සම්බන්ධයක් පටන් ගත්තා”

BY DhanushPUBLISHED MARCH 14, 20261 MIN READ0 COMMENTS

ප්‍රියංකාගේ ආදර ජීවිතය ගැන ඇයම හෙළිකරයි!

බොලිවුඩ් සහ හොලිවුඩ් දෙකම ජයගත් ප්‍රසිද්ධ නිළි ප්‍රියංකා චෝප්රා නැවතත් ඉන්දීය මාධ්‍යට උණුසුම් කතාවක් කියලා තියෙනවා. ඇය කියන්නේ තමන්ගේ ජීවිතයේ තද සම්බන්ධතා, මානසික පීඩනය, සහ කාර්යබහුල ජීවිතය යන සියල්ල එකට පැමිණි කාලයක් තිබුණා කියලා.

මෙම කතාව හෙළි කරලා තියෙන්නේ, ඇය Quantico ටෙලිනාට්‍යය කරමින් හොලිවුඩ්-බොලිවුඩ් අතර ගමන් කරපු කාලය ගැන කතා කරන වෙලාවක.

🔹 සම්බන්ධතා නිසා ප්‍රියංකාට තිබුණු මානසික පීඩනය.

ප්‍රියංකා කියනවා,

එක සම්බන්ධතාවක් ඉවර වෙන්න කලින් තවත් එකක් පටන් ගන්න වුණ කාලයක් ඇයගේ ජීවිතයේ තිබුණා කියල.

ඒ නිසා ඇයට ඇගේ විවේකය නැතිවුනා විතරක් නෙමෙයි හැඟීම් පාලනය කරගෙන ඇයගේ චිත්‍රපට වැඩත්, පෞද්ගලික ජීවිතයත් අමාරුවෙන් ඇදගෙන යන්න වුනා කියල. නමුත් පසුව ඇය සියලු සම්බන්දතා වලින් ඈත්වෙලා ඇයටම කාළය වෙන් කරන්න ඕනෙ කියල තීරණය කරල තියනව.

🔹 හොලිවුඩ් ගිය කාලයේ ලොකු තනිකමක් දැනුනා.

ඇය කියනවා,

ඉන්දියාවෙදි ලොකු තරුවක් වුණත්, හොලිවුඩ් ගියාම ඒක අලුත්ම ආරම්භයක්. තමත්ට හිතවත් කිසිම කෙනෙක් හිටියෙ නැති අලුත්ම සමාජයක්. ඒ නිසාම ඒ කාළය හරිම අදුරු, වෙලාවකට බය හිතෙන තනිව ගෙවුන කාලයක් වුනා කියලා.

🔹 බොලිවුඩ් vs හොලිවුඩ් වැඩ කරන විදිහෙ වෙනස්කම් ගැනත් ඇය කතා කළා.

ඇය කියනවා,

🎬 හොලිවුඩ් – නීති ගොඩක් තියෙන, හරිම සීරියස්, සැලසුම් වලට පමණක් වැඩකරගෙන යන industry එකක්.

🎬 බොලිවුඩ් – ටිකක් නිදහස්, හුරුබුහුටි, flexible style එකක් තියන industry එකක්.

මේ වෙනස නිසාම සමහර වෙලාවට දරාගත නොහැකි අවස්ථා , misunderstanding, tension

ඇති වුණා කියලා ඇය කියනවා.

🔹 ඇය දැන් මේ දේවල් හෙළිකරන්නෙ ඇයි?

තමන්ට දැන් ගොඩල් අත්දැකීම් තියෙන නිසා පරණ දේවල් ගැන බය නැතුව කතා කරන්න පුළුවන් තත්වයක ඉන්නව කියලා ප්‍රියංකා හිතනවලු.

අවසාන වශයෙන් ඇයගේ වචනයෙන්ම,

👉 “මගේ ජීවිතේ අමාරු කාල තිබුණා… ඒ නිසාම තමයි අද ඉන්න ශක්තිමත් ප්‍රියංකා නිර්මාණය වුනේ” කියල ප්‍රියංකා මාධ්‍යට කියනවා.

🔥 ඉතින් glamour life එක පිටින් පේන තරම් සුන්දර නෑ කියලා ප්‍රියංකා චෝප්රාම හෙළි කරලා තියෙනවා!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *