
ලෝකයේ හොඳම නගර 50 නම් කළ නව ගෝලීය වාර්තාවක් නිකුත් වී ඇති අතර, එහි නවසීලන්තයෙන් එක් නගරයක් පමණක් ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
මෙම ලැයිස්තුව නිකුත් කර ඇත්තේ Time Out මගිනි. ඔවුන් 2026 සඳහා “World’s Best Cities” ලෙස ලෝක නගර 50ක් තෝරා ගෙන ඇත.
ලැයිස්තුවට පැමිණි එකම නවසීලන්ත නගරය කුමක්ද?
මෙම ලැයිස්තුවේ 48 වන ස්ථානය ලබාගෙන ඇත්තේ නවසීලන්තයේ ප්‍රධානම නගරයක් වන Auckland ය.
මෙය ලෝකයේ හොදම නගර 50 අතරට “අලුතින් ඇතුල් වූ නගරයක්” ලෙස විස්තර කර ඇත.
Auckland නගරය ප්‍රශංසාවට ලක්වූ හේතු මොනවාද?
* සුන්දර වරාය සහ මුහුදු දර්ශන.
* විවිධ සම්ප්‍රදායන් හා ආහාර සංස්කෘතිය.
* ස්වභාවික පරිසරය සහ ජීවිතයේ සමබරතාව.
* විවිධ ජාතීන් සහ සංස්කෘතික සම්මිශ්‍රණය.
ලයිස්තුවේ ඉහළින්ම ඇති ලෝකයේ හොදම නගර 10.
2026 ලැයිස්තුවේ ඉහළම නගර කිහිපය මෙසේය:
Melbourne
Shanghai
Edinburgh
London
New York City
Cape Town
Mexico City
Bangkok
Seoul
Tokyo
මෙම ලැයිස්තුව සකස් කළ ඇත්තේ කෙසේද?
Time Out සඟරාව මෙම ලැයිස්තුව සකස් කිරීම සඳහා:
* ලෝකයේ නගර 150ක ජනතාව 24,000කට අධික පිරිසක් සමීක්ෂණයට ලක් කළා.
* නගර 100කට අධික වූ විශේෂඥයන්ගේ අදහස් එකතු කළා.
* නාගරික ජීවිතය හා සම්බන්ධ මාපක 44ක් පමණ භාවිතා කළා.
මෙහිදී විශේෂයෙන් පරීක්ෂා කළ දේවල්:
ආහාර සංස්කෘතිය.
රාත්‍රී ජීවිතය.
සංස්කෘතිය හා කලාව.
ජීවන තත්ත්වය.
සමාජ ජීවිතය සහ “city vibe”
Auckland නගරයේ ජීවත්වන ඔබටත් දැන් ආඩම්බරෙන් කියන්න පුළුවන් ඔබ ඉන්නෙ ලෝකයේ හොදම නගර 50න් එකක කියල. ![]()

0 Comments