
2026 මාර්තු 14 වන දින උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල 10කට ආසන්න ප්‍රමාණයක් එල්ලකළ බව දකුණු කොරියා හමුදා බලධාරීන් ප්‍රකාශ කළහ.
මෙම මිසයිල උතුරු කොරියාවේ පියොන්ග්යැන්ග් නගරයට ආසන්න Sunan ප්‍රදේශයෙන් මුදාහැර තිබූ අතර, ඒවා කොරියානු දූපතේ නැගෙනහිර පැත්තේ මුහුදට වැටී තිබේ.
මෙම සිද්ධිය සිදු වූයේ ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පැවැත්වූ “Freedom Shield” හමුදා පුහුණුව අතරතුරය.
📍 මිසයිල ගමන් කළ දුර
දකුණු කොරියා හමුදාවට අනුව:
👉🏻මිසයිල කිලෝමීටර් 340 – 350 පමණ දුරක් ගමන් කර තිබේ.
👉🏻ඒවා Sea of Japan (East Sea) ලෙස හඳුන්වන මුහුදු ප්‍රදේශයට වැටී ඇත.
👉🏻ජපානයේ ආර්ථික මුහුදු කලාපයට (EEZ) ඒවා ඇතුළු වී නැති බවද වාර්තා වේ.
👉🏻එමෙන්ම මෙම සිද්ධියෙන් කිසිදු හානියක් හෝ අනතුරක් වාර්තා වී නොමැත.
⚔️ උතුරු කොරියාවේ විරෝධය.
උතුරු කොරියාව දිගු කාලයක් තිස්සේ ඇමරිකාව සහ දකුණු කොරියාව අතර හමුදා පුහුණුව දැඩි ලෙස විවේචනය ලක් කළේය.
💁🏻♂️ඔවුන් පවසන්නේ,
මෙම පුහුණුව “උතුරු කොරියාවට එරෙහි යුධ සූදානමක්” බවයි.
එයට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව බොහෝවිට මිසයිල පරීක්ෂණ සිදු කරන බව විශ්ලේෂකයන් සඳහන් කරයි.
මෙම සිද්ධිය කොරියානු දූපතේ ආරක්ෂාව සහ දේශපාලන උණුසුම නැවතත් වැඩි කර ඇති බව විශ්ලේෂකයන් කියයි.

0 Comments