
ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකු ශාඛා ඉලක්ක කර ප්‍රහාර පුළුල් කරන බවට Islamic Revolutionary Guard Corps (IRGC) විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ United States සහ Israel විසින් ඉරානයේ බැංකු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊට ප්‍රතිචාර ලෙස බවයි.
🏦 ඉරාන බැංකු වලට ප්‍රහාර – මෙහෙයුම් අඩපණ වෙයි.
පසුගිය සතියේ Iran තුළ බැංකු ගොඩනැගිලි කිහිපයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් රට තුළ බැංකු සේවා තාවකාලිකව අඩපණ වූ බව වාර්තා වේ.
එම ප්‍රහාරවලින් පසු, ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකු පද්ධති ඉලක්ක ඉරානය සයිබර් සහ ආරක්ෂක ප්‍රහාර සිදුකර ඇති බවද සඳහන් වේ.
🚨 “අමෙරිකානු බැංකු සියල්ල නීත්‍යානුකූල ඉලක්ක” – IRGC
ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ,
ඉරානයේ ආර්ථික යටිතල පහසුකම්වලට නැවත ප්‍රහාර එල්ල කළහොත්,
ගල්ෆ් කලාපයේ රටවල පිහිටි සියලුම අමෙරිකානු බැංකු ශාඛා තමන්ගේ නීත්‍යානුකූල ඉලක්ක වන බවයි.
💥 සෙපා බැංකුවට එල්ල වූ ප්‍රහාරයෙන් මරණ
පසුගියදා ඉරානයේ පැරණිතම සහ විශාලතම බැංකුවක් වන Bank Sepah ගොඩනැගිල්ලට සහ තවත් බැංකු ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරවලින්
සේවකයින් කිහිපදෙනෙකු මියගොස්,
බැංකු කටයුතු පැය ගණනාවක් නතර වූ බව වාර්තා වේ.
🌐 ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම්
විචාරකයන් පවසන්නේ,
මැදපෙරදිග කලාපයේ උණුසුම් වන ආරක්ෂක තත්ත්වය හේතුවෙන්
ගල්ෆ් කලාපයේ ආර්ථික සහ බැංකු පද්ධතිවලට අවදානම වැඩිවෙමින් පවතින බවයි.

0 Comments