
මැදපෙරදිග කලාපයේ ඉරානය සමඟ ඇති ගැටුම අතර, ඇමරිකානු ජනාධිපති Donald Trump හෝර්මුස් මුහුදු සන්ධිය ආරක්ෂා කිරීම සඳහා තව මිත්‍ර රටවල් වලින් නාවික හමුදා සහාය ඉල්ලා තිබේ. නමුත් යුරෝපා සංගමයේ රටවල් සහ ඇමරිකානු මිත්‍ර රටවල් බොහෝමයක් මෙම යුධ මෙහෙයුමට එක්වීමට සූදානම් නොවන බව තරයේ ප්‍රකාශකර ඇත.
🇩🇪 යුරෝපා රටවල් තම හමුදාව යැවීමට එකඟ නොවේ.
ජර්මනිය, ඉතාලිය, ග්‍රීසිය සහ තවත් යුරෝපා රටවල් කිජිපයක්ම හෝර්මුස් සමුද්‍ර සන්ධියට නාවික හමුදාව යැවීමට කිසිදු සැලසුමක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.
බ්‍රිතාන්‍යයද විශාල යුද්ධයකට ඈදා නොගන්නා බව කියා, සෘජු හමුදා සහභාගීත්වයට එකඟ වී නොමැත.
🇨🇳 චීනය. “අපි යුද්ධයට නොව සාකච්ඡාවට අවධානය යොමුකරයි”
චීනය ද ඇමරිකාව ඉල්ලා ඇති නාවික සන්ධානයට සෘජුව එකඟ වී නැත. චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, “අපි සියලු පාර්ශව සමඟ සම්බන්ධ වෙමින් තත්ත්වය සමනය කර සාමය ඇති කිරීමට උත්සාහ කරනවා” යන්නයි.
වාර්තා අනුව, චීනය ඉරානය සමඟ සාකච්ඡා කරමින්, තම නෞකා ආරක්ෂිතව ගමන් කිරීමට විකල්ප මාර්ග සොයමින් සිටින බවත්, තවමත් ඔවුන්ගේ හමුදාව යැවීමට එකඟ නොවී සිටින බවත් සඳහන් වේ.
⚠️ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝක ආර්ථිකය මරුපහරක්.
ලෝක තෙල් ප්‍රවාහනයේ සම්පූර්ණයෙන්ම 20%ක් හෝර්මුස් මුහුදු සන්ධිය හරහා සිදු වේ. මෙම මාර්ගය අවහිර වීමෙන් ලෝක තෙල් මිල ඉහළ ගොස් ඇත, ආර්ථික අර්බුද ඇති වීමට දැනටමත් ඉහළ අවදානමක් ඇති බව විශේෂඥයන් අනතුරු අඟවයි.

0 Comments