← BACKCrime

ඕක්ලන්ඩ් වෙරළේ උණුසුම් තත්ත්වයක්“Vigilantes” විසින් ආසියානු ජනතාවට වර්ණවාදී ප්‍රහාරයක්!

BY DhanushPUBLISHED MARCH 19, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙරළබඩ rockpools (ගල් කුහර ජල ප්‍රදේශ) වලදී, පසුගිය දිනවල “vigilantes” (තමන්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හැසිරෙන පුද්ගලයින්) විසින් ආසියානු ජනතාවට වර්ණවාදී ලෙස සැලකීමක් සිදුකරන බවට චෝදනා මතුවී තිබේ.

👉 මෙය පරිසර ආරක්ෂාවෙන් ඉක්මවා සමාජ ගැටළුවක් බවට පත්වෙමින් පවතියි.

⚠️ මෙයට මූලික හේතුව වන්නේ රජය විසින් කළ නව තහනමක්…..

ඕක්ලන්ඩ් හි සමහර වෙරළ ප්‍රදේශවල:

🐚 shellfish

🌿 seaweed

🐠 වෙනත් කුඩා ජල ජීවීන්

එකතු කිරීම වසර 2ක කාලයකට තහනම් කර තිබේ.

👉 මෙය සිදු කරන්නේ:
“දූෂණයට ලක්ව ඇති සමුද්‍රීය පද්ධතිය ආරක්ෂා කිරීමට” යි.

🚨 “Vigilantes” ගේ ක්‍රියාකලාපය…..

සමහර ප්‍රදේශවාසීන් තමන්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස හැසිරෙමින් වෙරළට එන අයව නවතා පරීක්ෂා කරමින් සිටින බවට චෝදනා එල්ලවී ඇත.

👉 විශේෂයෙන්:

ආසියානු පසුබිම ඇති අය සහ පවුල් සමඟ විනෝද වීමට පැමිණි අය “ඔබ නීතිය කඩනවාද?” යනුවෙන් අසා, අසාධාරණ ලෙස පහත්කොට සලකන බවට වාර්තා වෙයි.

🗣️ බලධාරීන්ගේ ප්‍රතිචාර

නිලධාරීන් පැහැදිලිව කියන්නේ:

❗ නීතිය කඩන අය සියලු ජන කොට්ටාසයකම සිටිනවා.

❗ බොහෝ අය නව නීති ගැන දැනුවත් නොවීමෙන් මෙය සිදුවනවා.

👉 ඒ නිසා:
එක් ජනවර්ගයක් පමණක් ඉලක්ක කරගැනීම සම්පූර්ණයෙන් වැරදියි.

❌ වර්ණවාදය දැන් ප්‍රධාන ගැටළුවක් වෙලා….

ආසියානු ජනතාවට:

👉🏻අසාධාරණ චෝදනා

👉🏻සමාජ මාධ්‍යවල ද්වේෂ සහගත කතා

👉🏻බියකරු හැසිරීම් වැනි ගටළුවලට නිතර මුහුණ දීමට සිදුවෙලා.

👉 මෙය “dehumanisation” (මිනිස්කම අහිමි කර සැලකීම) ලෙස විවේචනයට ලක්වී ඇත.

📢 මේ වෙනුවෙන් ගත හැකි නිවැරදි විසඳුම මොනවාද?

බලධාරීන් පෙන්වා දෙන්නේ:

📌 දඩුවම් වලට වඩා දැනුවත් කිරීම වැදගත් බව.

📌 වෙරළවල සංඥා පුවරු (signboards) තැබිය යුතු බව.

📌 සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදාහැරීම වැදගත් බව.

👉 එමෙන්ම නීතිය කඩන අය ගැන නිල ආයතනවලට පමණක් වාර්තා කරන්න. තමන්ම නීතිය අතට නොගන්න යමුවෙන්ද ඔවුන් අවධාරණය කරනවා.

“නීතිය රකින්න – නමුත් මිනිසුන් වර්ණයෙන් විනිශ්චය නොකරන්න”

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *