
අද “Travel with Lakkiwi” ඔබව කැඳවාගෙන යන්නේ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් හි පිහිටි අඩි 1,076ක් උසැති Sky Tower වෙතයි. නගරය මැද අහසට විහිදුණු මෙම කුළුණ නවසීලන්තයේ නවීනත්වයේ සලකුණක් ලෙස සැලකෙනවා. ![]()
![]()
මෙහි ඇති විශේෂත්වය කුමක්ද?
360° View: කුළුණේ නිරීක්ෂණ මට්ටමේ සිට කිලෝමීටර් 80ක් පමණ ඈතට විහිදුණු ඕක්ලන්ඩ් නගරය, වරාය සහ අවට දූපත්වල මනස්කාන්ත දසුනක් නරඹන්න පුළුවන්. ![]()
![]()
SkyWalk: ඔබට ටිකක් එඩිතර අත්දැකීමක් ඕනෙ නම්, කුළුණේ පිටත ඇති අඩි 600ක් උස පටු මාවතක ආරක්ෂිත වැල් ආධාරයෙන් ඇවිද යන්නත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. ![]()
![]()
SkyJump: තවත් වික්‍රමාන්විත වෙන්න කැමති අයට කුළුණ මුදුනේ සිට පහළට පැනීමේ අත්දැකීමත් විඳගන්න පුළුවන්. ![]()
![]()
Orbit 360° Dining: කුළුණ මුදුනේ පිහිටි කැරකෙන අවන්හලේ ඉඳන් රසවත් ආහාර වේලක් ගන්න ගමන් මුළු ඕක්ලන්ඩ් නගරයම වටේට නරඹන්න ලැබීම හරිම අපූරුයි. ![]()
![]()
ඔබත් උස තැනක ඉඳන් ලස්සන නගරයක් නරඹන්න කැමති කෙනෙක්ද? එහෙනම් Sky Tower කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම යා යුතුම තැනක්! ![]()
ඔයා එක්ක මේ උසම තැනට යන්න ඉන්න බය නැති යාළුවව Mention කරන්න. ![]()

0 Comments