← BACKPolitics

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ට විරෝධයක්!Lakemba මස්ජිද් ඉදිරියේ උද්ගත වූ උණුසුම් සිදුවීම!

BY DhanushPUBLISHED MARCH 20, 20261 MIN READ0 COMMENTS

ඕස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese Lakemba මස්ජිද් වෙත පැමිණි අවස්ථාවේ, විරෝධතාකරුවන්ගෙන් දැඩි ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවිය. මෙම සිදුවීම සිදු වූයේ Sydney නගරයේ පැවති Eid උත්සවයේ ප්‍රාර්ථනා අතරතුරදීය.

Lakemba මස්ජිද් වෙත පැමිණි අවස්ථාවේ, පිරිසක් අගමැතිවරයාට
“Genocide supporter”, “Go home” වැනි හඬවල් නගමින් විරෝධය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

🔥 විරෝධයට හේතුව කුමක්ද?

වාර්තා අනුව,
• මැද පෙරදිග ගැටුම් පිළිබඳ ඔස්ට්‍රේලියා රජයේ ස්ථාවරය.
• Gaza යුද්ධය සම්බන්ධයෙන් රජය ගත් තීරණ.
• extremist සංවිධාන තහනම් කිරීම.
වැනි කරුණු නිසා මුස්ලිම් ප්‍රජාවේ කොටසක් අසතුටින් සිටි බව සඳහන් වේ.

⚠️ මස්ජිදය තුළ උණුසුම් වාතාවරණයක්….

උත්සවය අතරතුර විරෝධය වැඩිවීම නිසා, ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර ඇල්බනීස් සහ ඔහු සමඟ සිටි අමාත්‍යවරයෙක් අවසානයේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

🗣️ අගමැතිගේ ප්‍රතිචාරය…..

පසුව අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ

“සමහරුන් විරෝධතා දැක්වූවත්, බහුතරයෙන් හොඳ පිළිගැනීමක් ලැබුණා” යනුවෙනි.

මෙම විරෝධතාව,
ඕස්ට්‍රේලියාවේ දේශපාලනය, මැද පෙරදිග ගැටුම්, සහ ආගමික ප්‍රජා අතර ඇති සංවේදී තත්ත්වය නැවතත් ඉස්මතු කළ සිදුවීමක් ලෙස විශ්ලේෂකයින් පවසයි.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *