← BACKUncategorized

ඇමරිකාව හා ඊශ්‍රායලය අතර මතභේදයක්?ඉරානය පිළිබඳ යුධ නීති වෙනස් වෙයි.

BY DhanushPUBLISHED MARCH 20, 20261 MIN READ0 COMMENTS

🔥 මොකද්ද මේ අලුත් මතභේදය?

ඇමරිකාව සහ ඊශ්‍රායලය එකතුවී ඉරානයට එරෙහිව ක්‍රියාකරමින් සිටියත් ඔවුන්ගේ අරමුණු සහ ක්‍රියාමාර්ග එකිනෙකට පරස්පරයි. විශේෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් ඉලක්කය තවමත් අපැහැදිලි බවට බොහෝ විදෙස් රටවල් චෝදනාකරනවා..

🤔 ට්‍රම්ප්ගේ “fuzzy goals” කියන්නේ මොකක්ද?

👉 “Fuzzy” කියන්නේ පැහැදිලි නැති නිශ්චිත නොවූ යන අදහසයි. බොහෝ රටවල් වලින් ට්‍රම්ප්ට චෝදනා කරන්නෙ ඔහුගේ Fuzzy Goals වලින් ලෝකයම ආපස්සට යමින් සිටින බවයි.

⚠️ මේ වන විට ඇමරිකාව සහ ඊශ්‍රායලය එකිනෙකට වෙනස් අරමුණු දරමින් සිටිනවා.

🇺🇸 ඇමරිකාවේ අරමුණ කුමක්ද?

ඉරානයේ න්‍යෂ්ටික බලය සහ නාවික බලය
👉 දුර්වල කිරීම ප්‍රධාන ඉලක්කයයි.

ඉරානයේ බලශක්ති (oil/gas) සම්පත් වලට ප්‍රහාර එල්ල කිරීමේදී
👉 ඇමරිකාව දැඩි ලෙස සැලකිලිමත් වෙන්න උත්සාහ කරනවා.

🇮🇱 ඊශ්‍රායලයේ අරමුණ කුමක්ද?

ඉරානයේ නායකත්වය සහ රජය
👉 පහළ දැමීම (regime change) වෙත වැඩි අවධානයක් දීම.

ඒ සඳහා ප්‍රධාන පුද්ගලයන්ට ප්‍රහාර එල්ල කිරීම සහ දැඩි හමුදා ක්‍රියාමාර්ග ගැනීම සිදුකරනවා. නමුත් ඔවුන් ප්‍රහාර ගැන දැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ( ඒ කියන්නෙ එයින් අනිත් රටවල් වලට වන බලපෑම ගැන අවධානයක් දෙන්නෙ නැහැ)

💣 ගැටුම වැඩි කළ ප්‍රධාන සිදුවීම කුමක්ද?

👉🏻ඉස්‍රායලය විසින් පසුගියදා ඉරානයේ South Pars ගෑස් නිධියට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කළා.එය ලෝකයේ විශාලතම ස්වභාවික වායු නිධිවලින් එකක් ලෙස සැලකෙනවා.

👉🏻 ඒත් සමගම කටාර් රාජ්‍යය මෙම ගැටුමට සම්බන්ධ වුනා.

⚠️ මෙහි ප්‍රතිඵල ලෙස ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළා. එයින් ලෝක තෙල් මිල තවත් ඉහළ ගියා.

💁🏻‍♂️ කෙසේවෙතත් ට්‍රම්ප් මේ ප්‍රහාරය ගැන දරන්නෙ වෙනස් මතයක්….

“මම මේ ප්‍රහාරය ගැන කලින් දැනගෙන හිටියේ නැති බවත්,
ඊශ්‍රායලයට ඉන්ධන විනාශ කරන ප්‍රහාර නවත්වන්න කියා උපදෙස් දී තිබුණු බවත්‍” ඔහු සදහන් කළා.

‼️යුද්ධයේ අවසානයේ කොහෙටද අපිව ගෙනයන්නේ?

රජය වෙනස් කරන්නද? නැද්ද?
👉 කියන එක තවමත් ඇමරිකාවට පැහැදිලි නැහැ.

⚡ මේ මොහොතේ ඇමරිකාවට ඇති ගැටළු මොනවාද??

ඊශ්‍රායලය තනිවම තීරණ ගනිමින් සිටිනවා.

ඔවුන්ගේ සමහර ප්‍රහාර ඇමරිකාවටත් අසීරු තත්ත්වයක් ඇති කරනවා.

උද්ධමනය ඉහළ යාමෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් ඇතිකරනවා.

🧾 අවසානයේ

👉 මේ යුද්ධයේ වැදගත්ම ප්‍රශ්නය වී තිබෙන්නේ

“අවසන් ඉලක්කය කුමක්ද?” යන්නයි.

ඊශ්‍රායලය → රජය බිඳ දමන්න උත්සහකරනවා.

ඇමරිකාව → හමුදා බලය අඩු කරන්න උත්සාහකරනවා.

👉 ඒ නිසා:
එකට සටන් කළත්, ඔවුන්ට පොදු සැලැස්මක් නැහැ කියල අපිට තීරණය කරන්න වෙනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *