← BACKCrime

ඉරානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය අත්පත් කරගැනීමට ඇමරිකාවේ සැලසුම්? ට්‍රම්ප්ගේ රහසිගත පියවර ගැන හෙළිවීමක්.

BY DhanushPUBLISHED MARCH 21, 20261 MIN READ0 COMMENTS

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මීට පෙර පැවති පාලන සමයේ ඉරානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය (uranium) අත්පත් කරගැනීමට ගත හැකි පියවර ගැන රහසිගතව සැලසුම් කර තිබුණා කියලා නවතම වාර්තා වල සදහන් වෙලා තියෙනවා.

මෙය හෙළිකර තිබෙන්නේ ඇමරිකානු මාධ්‍යයක් වන CBS News විසින්.

⚔️ රහසිගත හමුදා සැලසුම්…..

මෙම සැලසුම් අතරින් වැදගත්ම එකක් වන්නේ👇

🇺🇸 Joint Special Operations Command (JSOC) නම් විශේෂ හමුදා ඒකකයක් භාවිතා කිරීම.

👉 මේ ඒකකය සාමාන්‍යයෙන් අතිශය රහසිගත මෙහෙයුම් සහ අවි ව්‍යාප්තිය නවත්වන කටයුතු වලට යොදාගන්නවා.

🏛️ මේ ගැන වොෂින්ටන් ප්‍රතිචාරය කුමක්ද?

මෙම කාරණාව ගැන
👉 White House ප්‍රකාශකයෙක් කියා සිටියේ “මෙය Pentagon එකට අයත් කාරණාවක්” බවයි.

නමුත් Pentagon (ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය) මේ ගැන තවම නිල ප්‍රතිචාරයක් ලබා දී නැහැ ❌

☢️ එදා සිටම ඉරානයේ uranium ගැන විශාල අවධානයක්…..

වාර්තා වලට අනුව ඉරානය සතුව
👉 60% enriched uranium 440kg පමණ තියෙනවා (60% enrichment කියන්නේ අවි මට්ටමට ඉතා ආසන්න භයානක තත්වයක්)

👉 ඔවුන් මේවා භූමිය යට ගබඩා කරලා තියෙනවා.
(පසුගිය වසරේ ඇමරිකානු ප්‍රහාරයකින් බලපෑම් වූ ප්‍රදේශවල)

❗ මේ ගැන “White house” දැක්වූ අදහස් මොනවාද?

පසුගිය සතියේදී මාධ්‍යවේදියෙකු විසින් “Trump මෙම uranium අත්පත් කරගැනීමට සැලසුම් කලාද” යනුවෙන් ප්‍රශ්න කරද්දි,

White House ප්‍රකාශිකාව Karoline Leavitt කියා සිටියේ:
👉 “ඒක ඔහු සලකා බලන තවත් option එකක්” බවයි.

🌐 මේ ගැන IAEA අනතුරු ඇඟවීම….

එක්සත් ජාතීන්ගේ
👉 International Atomic Energy Agency (IAEA) අධ්‍යක්ෂ Rafael Grossi පවසන්නේ:

හමුදා බලය තිබුණත් Uranium හැසිරවීම ඉතා අසීරු බවයි. මෙහෙයුම අතිශය අභියෝගාත්මක එකක් වෙයි යනුවෙන් ඔහු වැඩිදුර අදහස් දැක්වුවා.

🇮🇷 මේ ගැන ඉරානය කියන්නේ මොනවාද?

ඉරානය;
👉 තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිතාකරන බවට සහතික වෙනවා.

🤝 පෙර පැවති සාකච්ඡා…..

මෙම ගැටළුවට පිළිබදව ඇමරිකාව සහ ඉරානය අතර මීට පෙරදිත් සාකච්ඡා පැවැත්වුණා. ඒවායේ අරමුණු වූයේ

👉🏻uranium enrichment අඩු කිරීම
👉🏻ඒවා fuel සඳහා භාවිතා කළ හැකි මට්ටමකට පත් කිරීම.

👉 නමුත්:
Trump කියා සිටියේ enrichment සම්පූර්ණයෙන් නවත්වන්න කියලයි. ❌
ඉරානය කිසිසේතම එයට එකඟ වුණේ නැහැ…..

මෙහිදී ඇතිවූ ප්‍රශ්නය දිගින් දිගටම උඩුදුවමින් අද වනවිට ලෝක ආරක්ෂාවට සෘජුව බලපාන ගෝලීය මට්ටමේ ගැටළුවක් බවට පත්වෙලා තියනවා.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *