
මැදපෙරදිග යුද්ධය දැන් 4 වන සතියට පැමිණ ඇති අතර, එහි බලපෑම ලෝක ආර්ථිකය පුරා පැතිර යමින් නවසීලන්තයටත් දැඩිව දැනෙමින් පවතී. විශේෂයෙන්ම තෙල් සැපයුම් මාර්ගවල බාධා සහ ගෝලීය වෙළඳපොළ අස්ථාවර වීම නිසා, නවසීලන්ත ආර්ථිකය “අනතුරුදායක මංසන්ධියක්” වෙත ගමන් කරමින් සිටින බව පෙනේ.
🌍 තෙල් සහ යුද්ධය ලෝක ආර්ථිකය කම්පනය කරයි….
මැදපෙරදිග ප්‍රදේශයේ වැදගත්ම තෙල් මාර්ගයක් වන Hormuz Strait තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම නිසා,
👉 ලෝක තෙල් මිල ඉහළ යමින් පවතී.
👉 ගෑස් සැපයුමටත් බාධා ඇතිවී ඇත.
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන්, ලෝක LNG සැපයුමෙන් 17%ක් පමණ අඩුවී ඇත.
📉 2026 නවසීලන්ත ආර්ථිකයට දුර්වල ආරම්භයක්…..
2025 අවසන් කාර්තුවේදී නවසීලන්ත ආර්ථිකය වර්ධනය වී තිබුණේ 0.2%ක් පමණයි.
👉 මෙයින් පෙන්වන්නේ,
යුද්ධයට පෙරත් ආර්ථිකය තරමක් දුර්වලව තිබූ බව සහ වර්ධනය වැඩිපුරම සටහන් වූයේ;
🌿 කෘෂිකාර්මික ක්ෂේත්රයෙන්
✈️ සංචාරක කර්මාන්තයෙන් පමණයි.
⚠️ මහ බැංකු සහ පොළී අනුපාත…..
ලෝකයේ බොහෝ මහ බැංකු (Central Banks) මේ සතියේ පොළී අනුපාත වෙනස් නොකර “බලා සිටීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
👉 හේතුව යුද්ධයේ බලපෑම තවම පැහැදිලි නොවීම නිසා
වැරදි තීරණයක් ගැනීමට ඇති අවදානම වැඩිවීමයි. නමුත්, ඔස්ට්‍රේලියාව පොළී අනුපාත 4.1% දක්වා දැනටමත් ඉහළ දමා ඇත.
💸 නවසීලන්තයට අලුත් අවධානමක්….
Fitch Ratings විසින්
👉 නවසීලන්තයේ ණය ශ්‍රේණිගත කිරීම (AA+) Negative Outlook ලෙස වෙනස් කර ඇත. රජයේ ණය ඉහළ යාම සහ
ආර්ථික පාලනය අපහසු වීම නිසා ඉදිරියේදී තවත් ආර්ථික පීඩනයක් ඇතිවිය හැකි බවට සංකේතයකි.
📉 ජනතාවගේ විශ්වාසය පහළ යාමේ අවදානමක් ?
🛒 ජීවන වියදම ඉහළ යාම
⛽ ඉන්ධන මිල වැඩිවීම
හේතුවෙන් Consumer Confidence (පාරිභෝගික විශ්වාසය) තවදුරටත් පහළ යාමට ඉඩ ඇත. ඒ අතරම විදේශ විනිමය සහ වෙළඳපොළ
NZ Dollar එක අනෙකුත් මුදල් වලට සාපේක්ෂව දුර්වල වෙමින් පවතී. යුද්ධය දිගටම පැවතුණහොත් NZD තවදුරටත් පහළ යා හැක.
🔮 ඉදිරි දැක්ම: “Stagflation” අවදානම
ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කරන්නේ:
👉 වර්ධනය අඩු වෙමින්
👉 මිල ඉහළ යන තත්ත්වයක්
එනම්,
⚠️ Stagflation (ආර්ථික වර්ධනය අඩුව + උද්ධමනය වැඩිව) යන තත්වයක් ඉදිරියේදී නවසීලන්තයට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. උද්ධමනය 4% ළගා විය හැකි බවට ඔවුන් පුරෝකතනය කරයි.
📌 නවසීලන්ත ආර්ථිකය මේ අවස්ථාවේ “සන්ධිස්ථානයක” සිටියි. ගෝලීය බලපෑම සහ යුද්ධයේ දිගුව සමග ආර්ථිකයේ දිශාව තවදුරටත් තීරණය වෙයි.

0 Comments