← BACKUncategorized

ශ්‍රී ලංකිකයන්ට වැදගත් පුවතක්!නවසීලන්තයේ රැකියා අවස්ථා බහුල ප්‍රදේශ ගැන ඔබ දැනුවත්ද?🤑වැඩිම රැකියා අවස්ථා ඇති නගරය Canterbury.

BY Dhanush•PUBLISHED MARCH 23, 2026•1 MIN READ•0 COMMENTS

2025 වසරේ හතරවන කාර්තුව සඳහා ප්‍රකාශයට පත් කළ ASB Regional Economic Scoreboard Q4 2025 වාර්තාව අනුව, නවසීලන්තයේ රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ප්‍රදේශ අතර සැලකිය යුතු වෙනස්කම් දක්නට ලැබේ. එක එක නගරයන් පිළිබද රැකියා තොරතුරු සංශිප්ත වාර්තාවක් ලෙස මෙම ලිපිය මගින් ඔබට ගෙනඑයි.

🥇 වැඩිම රැකියා අවස්ථා ඇති නගරය Canterbury.

වාර්තාවට අනුව Canterbury ප්‍රදේශය 2025 අවසානයේ පළමු ස්ථානය හිමි කරගෙන ඇත.

රැකියා වර්ධනය (employment growth) ස්ථිරව වැඩිවීම
වෙළඳපොළ ක්‍රියාකාරීත්වය (retail spending) ඉහළ යාම
ඉදිකිරීම් (construction) සහ කෘෂිකර්මය ශක්තිමත් වීම යන සියල්ල එකට එකතු වීමෙන්, Canterbury ප්‍රදේශය නවසීලන්තයේ වැඩිම රැකියා අවස්ථා ඇති ප්‍රදේශයක් බවට පත්වී ඇත.

🥈 දෙවැනි ස්ථානය හිමිවන්නේ Waikato සහ Otago
Waikato නගර වලටයි.
රැකියා වර්ධනය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය (especially dairy) මඟින් රැකියා අවස්ථා වැඩිවී ඇත.
Otago හි සංචාරක කර්මාන්තය (tourism) ඉහළ යාම නිසා එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාද වැඩිවී ඇත.

🏙️ Auckland හි දකින්න ලැබෙන්නේ මිශ්‍ර තත්ත්වයක්.

Auckland නවසීලන්තයේ විශාලම නගරය වූවත් ව්‍යාපාර හා ඉදිකිරීම් වැඩිවී තිබුණත් රැකියා සංඛ්‍යාව තවමත් අඩුවීමක් දක්නට ලැබේ.

ඒ නිසා රැකියා සොයන අයට එය තවමත් අවස්ථා ඇති නගරයක් වුවත්, තරඟය ඉතා ඉහළය.

⚠️ අඩු අවස්ථා ඇති ප්‍රදේශ මොනවාද?

👉🏻Wellington – සමස්ත ශ්‍රේණිගත කිරීමේ අගටම පැමිණ ඇත.
👉🏻Tasman / Nelson – රැකියා පහළ යාමක්.
👉🏻Taranaki – කර්මාන්ත ක්ෂේත්‍ර ගැටලු හේතුවෙන් රැකියා අඩුවී ඇත.

මෙම ප්‍රදේශවල රැකියාවක් සොයාගැනීම අභියෝගාත්මකයි.

🔎 සාරාංශය

👉 නවසීලන්තයේ වැඩිම රැකියා අවස්ථා ඇති ප්‍රදේශය: Canterbury
👉 පසුව: Waikato, Otago
👉 විශාල නගරයක් වුවත් Auckland තුළ තරඟය වැඩි වී ඇත.
👉 Wellington වැනි ප්‍රදේශවල අවස්ථා සීමිතයි.

📌 නිගමනය:
නවසීලන්තයට රැකියා සඳහා යාම හෝ ප්‍රදේශයක් තෝරාගැනීමේදී, South Island (විශේෂයෙන් Canterbury) ප්‍රදේශය දැන් වැඩි අවස්ථා ලබාදෙන ප්‍රදේශයක් ලෙස හඳුනාගත හැකිය.

නවසීලන්තයේ ඔබ සිටින ප්‍රදේශයේ රැකියා අවස්ථා තිබේද? රැකියාවක් සොයන කෙනෙකුට උදව්වක් වශයෙන් ඒ ගැන විස්තර පහළින් සටහන් කරන්න. ස්තූතියි!

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *