
එක්සත් ජනපදයේ නියෝර්ක් නගරයේ පිහිටි ලාගුවාඩියා (LaGuardia) ගුවන්තොටුපළේදී සිදු වූ දරුණු අනතුරක් හේතුවෙන් ලෝකයම කම්පාවට පත් විය.
මොන්ට්රියල් සිට පැමිණි ගුවන් යානයක්, ධාවන පථයේ (runway) තිබූ හදිසි සේවා වාහනයක් සමඟ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
✈️ සිද්ධිය සිදු වුයේ කෙසේද?
මෙම අනතුර සිදු වන්නේ ගුවන් යානය පහළට බැස (landing) යන අවස්ථාවේදීයි. එම අවස්ථාවේ ධාවන පථය හරහා ගමන් කරමින් සිටි හදිසි ගිනි නිවීමේ වාහනයක් සමඟ ගුවන් යානය සෘජුවම ගැටී ඇත.
වාහනයට runway එක හරහා යාමට අවසර ලබා දී තිබුණි. ඔවුන් අවසාන මොහොතේ එය නතර කිරීමට උත්සාහ දැරුවත් අනතුර වැළැක්විය නොහැකි වී ඇත.
☠️ ජීවිත හානි සහ තුවාල ලැබූවන් ?
👨✈️ ගුවන් යානයේ සිටි පයිලට් වරුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.
👥 මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
🚑කිහිප දෙනෙකුට බරපතල තුවාල ඇති වූ අතර බොහෝ දෙනාට ප්රථමික ප්රතිකාර ලබාදී ඇත.
👥 මගීන් හදිසි පිටවීම් මාර්ග භාවිතා කරමින් ඉවත් කර ඇත.
💥 අනතුරෙන් සිදු වූ හානි මොනවාද?
✈️ ගුවන් යානයේ මුහුණේ (cockpit) කොටස බරපතල ලෙස විනාශ වී ඇත.
🚒 වාහනය උඩට හැරී (overturn) එයද සම්පූර්ණයෙන් විනාශ වී තිබුණා.
🔥 ධාවන පථය පුරා වාහන කැබලි පැතිරී ගියා.
❌ ලාගුවාඩියා ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමුනා.
✈️ ගුවන් ගමන් බොහෝමයක් අවලංගු වු අතර මගීන් වෙනත් ගුවන්තොටුපළවලට මාරු කර හැරියා.
👉 මෙය නියෝර්ක් ප්රදේශයේ ගුවන් ගමන්වලට විශාල බලපෑමක් කළ දරුණු ඝනයේ අනතුරක් විය.
🧪 අන්තුර සිදුවූ ආකාරය ගැන පරීක්ෂණ ක්රියාත්මක කර ඇත.
මෙම අනතුර පිළිබඳව මේ වනවිට සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.
👉🏻වාහනය runway එකේ තිබුනේ ඇයි?
👉🏻ගුවන් පාලන කුටියේ (Air Traffic Control) සන්නිවේදනය නිසි ලෙස සිදුවුනාද?
👉🏻ආරක්ෂිත නීති නිවැරදිව ක්රියාත්මක වුණාද?
යන්න නිශ්චිත හේතුවක් තවමත් හෙළි වී නැත.
👉 ගුවන් ආරක්ෂාව සහ සන්නිවේදනයේ ඇති වටිනාකම සහ වැදගත් කම මෙයින් නැවතත් මතක් කර දෙයි.

0 Comments