
නවසීලන්තයට බදාදා (March 25) සිට “අවදානම්” කාලගුණික තත්වයක් (impactful multi-hazard weather) ඇතිවන බව කාලගුණ අංශ මේ වනවිට අනතුරු අඟවා තිබෙනවා. මෙය සාමාන්‍ය වැසි තත්ත්වයක් නොවෙයි, වැසි + සුළං + ගංවතුර + නායයෑම් කියන මේ අනතුරු සියල්ල එකට ඇතිවන තත්ත්වයක් ලෙස ඔවුන් වැඩි දුරටත් විස්තර කරලා තියෙනවා.
🌧️ දිගු කාලයක් පුරා දැඩි වැසි ඇතිවිය හැක….
👉🏻උතුරු දූපතේ (North Island) ප්‍රදේශවලට පැය 30–50කට වැඩි කාලයක් වැසි පවතින්න ඉඩ තියෙනවා.
👉🏻සමහර ප්‍රදේශවල මි.මී. 200–250 දක්වා වැසි ඇදහැලිය හැක.
‼️තවද වැසි තත්ත්වය බදාදා සිට සිකුරාදා දක්වා දිගු විය හැක.
👉 මෙය ගංවතුර අවදානම ඉහළ දැමෙන ප්‍රධාන හේතුවක්.
💨 දැඩි සුළං සහ මුහුදු රැළි….
නැගෙනහිර සුළං (easterly winds) බලවත් ලෙස වර්ධනය වීමෙන් මුහුදු ප්‍රදේශවල අධික රැළි සහ අනතුරුදායක තත්ත්වයන් ඇතිවෙයි. රථවාහන සහ ගුවන් ගමන් වලට බාධා එල්ලවිය හැක.
🌊 ගංවතුර සහ නායයෑමේ අවදානම…..
ගංගා සහ වගුරු බිම් වේගයෙන් පිරී ඉහළ යාම, පාරවල් ජලයෙන් යටවීම (surface flooding) සහ නායයෑම් (landslides) ඇතිවීමේ ඉහළ අවදානම පවතී.
👉 විශේෂයෙන්:
කඳුසහිත ප්‍රදේශ සහ වැසි බහුලව ඇදහැලෙන උතුරු ප්‍රදේශ වෙත MetService විසින් heavy rain warnings & watches කිහිපයක් නිකුත් කරලා තියෙනවා
තත්ත්වය තවත් දරුණු වුණොත්:
🔴 Red Warning (ඉහළම අනතුරු මට්ටම) දක්වා උසස් කළ හැකි බවටද ඔවුන් වාර්තා කරනවා.
🌪️ මේ කාලගුණය ඇතිවෙන්නේ ඇයි?
වැනුවාටු ප්‍රදේශයෙන් පැමිණෙන subtropical low-pressure system එකක් උණුසුම් මුහුදු ජලය හරහා ගමන් කිරීම නිසා තද වැසි සහ සුළං වැඩි වෙලා තියෙනවා.
👉 මෙය කෙටි කාලයකට tropical cyclone එකක් වගේ හැසිරෙන්නත් ඉඩ තියෙනවා.
🚨 ජනතාවට දෙන උපදෙස් මොනවාද?
❗ අනවශ්‍ය ගමන් වලින් වැළැකී සිටින්න.
❗ ගංවතුර ඇති ප්‍රදේශ වලින් ඉවත් වන්න.
❗ කාලගුණ අනතුරු ඇඟවීම් නිතර පරීක්ෂා කරන්න.
❗ හදිසි අවස්ථා සඳහා සූදානම් වී සිටින්න.
අවදානම් තත්වය පහව යනතෙක් නිතරම සැලකිලිමත් වෙන්න කියල ලක්කිවි අපි ඔබට මතක් කරනවා.

0 Comments