
2026 මාර්තු 24 වැනිදා, ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ලෝකයේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථාන අතරින් එකක් වන Valero Energy සමාගමට අයත් තෙල් ශාලාවක් තුළ දැවැන්ත පිපිරීමක් සහ ගිනිගැනීමක් සිදුවී තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වුණේ Port Arthur නගරයේ පිහිටි refinery එකෙන්.
⚠️ පිපිරීමට හේතුව මොකක්ද?
ප්‍රාථමික විමර්ශන අනුව, කර්මාන්තශාලාව තුළ තිබූ industrial heater (උෂ්ණතා යන්ත්‍රයක්) තුළ දෝෂයක් ඇතිවීම නිසා ගිනිගැනීම ආරම්භ වී ඇති බව සැලකෙනවා.
එය ඉක්මනින් විශාල ගින්නක් වෙමින්, දැවැන්ත පිපිරීමකට හේතු වූ බව බලධාරීන් කියනවා.
පිපිරීමෙන් පසු,
- අහසට උසට නැගුණු කළු දුමාරයක්
- නගරය පුරා ඇසුණු විශාල ශබ්දයක්
- අසල ගෙවල් කම්පා වූ තත්ත්වයක් වාර්තා වී තිබුණා.
🚨 ජනතාවට “Shelter-in-place” ලෙස අන්තුරු ඇඟවීමක්.
අනතුරෙන් පසු, Port Arthur නගරයේ සමහර ප්‍රදේශවල ජනතාවට ගෙවල් ඇතුළතම රැඳී සිටින්න කියලා හදිසි උපදෙස් ලබාදීලා තිබුණා.
👉 ජනතාවට උපදෙස්:
- දොර ජනෙල් වසා තබන්න.
- පිටතට නොයන්න.
- දුමාරය හුස්ම ගැනීමෙන් වළකින්න.
‼️ඒකට හේතුව, refinery ගිනි වලින් විෂ සහිත වායු නිකුත් වීමේ අවදානම.
👷 කම්කරුවන් ගැන ලැබුණු තොරතුරු…..
වාසනාවන්ත ලෙස,
- මරණ කිසිවක් වාර්තා වී නැහැ.
- තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නැහැ.
- සියලු සේවකයන් ගණනය කර තිබෙනවා.
🛢️ මේ refinery එක වැදගත් වන්නේ ඇයි?
Port Arthur refinery එක දිනකට බැරල් ලක්ෂ ගණනක් තෙල් පිරිපහදු කරන විශාලම කර්මාන්තශාලා අතරින් එකක්.
මෙහි නිපදවන්නේ:
- පෙට්‍රල්
- ඩීසල්
- ජෙට් ඉන්ධන
ඒ නිසා මෙවැනි අනතුරක් සිදුවුණාම ලෝක ඉන්ධන මිලටත් බලපෑම් වෙන්න පුළුවන් කියලා විශේෂඥයෝ පවසනවා.
🌍 සමාජ ජාල වල පැතිරුණු කතා වල ඇත්ත මොකක්ද?
සිද්ධියෙන් පසු සමාජ මාධ්‍ය වල
👉 මෙය ප්‍රහාරයක්
👉 යුද්ධයට සම්බන්ධ දෙයක් කියලා කතා පැතිරුණා.
නමුත් බලධාරීන් පැහැදිලිවම කියනවා:
❌ මේක ප්‍රහාරයක් කියලා කිසිම සාක්ෂි නැහැ.
✅ මෙය කර්මාන්ත අනතුරක් ලෙස විමර්ශනය තවදුරටත් කරමින් පවතිනවා.
📰 තවත් ලෝකයේ වැදගත් පුවත් සඳහා ලක්කිවි සමග අවධානයෙන් රැදීඉන්න.

0 Comments