← BACKTravel

ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණයක් වන මිල්ෆෝර්ඩ් සවුන්ඩ්.

BY DhanushPUBLISHED MARCH 24, 20261 MIN READ0 COMMENTS

අද “Travel with Lakkiwi” ඔබව කැඳවාගෙන යන්නේ නවසීලන්තයේ ෆියෝර්ඩ්ලන්ඩ් ජාතික උද්‍යානයේ පිහිටි, ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණයක් වන මිල්ෆෝර්ඩ් සවුන්ඩ් වෙතයි. දැවැන්ත කඳු පන්ති සහ අහස උසට විහිදුණු දියඇලි මැදින් යාත්‍රා කිරීම ඔබේ ජීවිතයේ අමතක නොවනම අත්දැකීමක් වේවි! 🌊✨

📍 මෙහි ඇති සුවිශේෂී බව කුමක්ද?

දැවැන්ත දියඇලි: වැසි දිනවලදී මෙහි කඳු මුදුන්වල සිට දියඇලි සිය ගණනක් පහළට කඩා හැලෙන දසුන ඇත්තටම මනස්කාන්තයි. විශේෂයෙන්ම ‘ස්ටර්ලින්’ සහ ‘බොවන්’ දියඇලි ඉතාමත් ප්‍රසිද්ධයි. 💦🏔️

යාත්‍රා සංචාර , බෝට්ටුවක නැගී මෙම පටු මුහුදු තීරය දිගේ ගමන් කරන විට, දෙපස ඇති දැවැන්ත කඳු පන්ති ඔබට දැනේවි ලෝකයේ වෙනත් පාරාදීසයකට පැමිණියාක් මෙන්. 🚢📷

සතුන් නැරඹීම , වාසනාවන්ත නම්, ඔබට මෙහිදී මුහුදු සිංහයන් , පෙන්ගුවින් පක්ෂීන් සහ ඩොල්ෆින් මසුන් නිදහසේ සැරිසරන අයුරු දැකගත හැකියි. 🐬🐧

දිය යට නිරීක්ෂණාගාරය , මුහුදු මට්ටමට වඩා අඩි කිහිපයක් පහළට ගොස්, මිල්ෆෝර්ඩ් සවුන්ඩ් හි ඇති දුර්ලභ කළු කොරල්පර සහ මසුන් නැරඹීමටත් මෙහිදී අවස්ථාව ලැබෙනවා. 🐠🌊

ඔබත් සොබාදහමේ සැබෑ අසිරිය විඳින්න කැමති කෙනෙක්ද? එහෙනම් මිල්ෆෝර්ඩ් සවුන්ඩ් කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම දැකගත යුතුම ස්ථානයක්! 😍

මේ මනස්කාන්ත ගමන යන්න ඔබත් එක්ක එන්න ඉන්න කැමතිම කෙනාව පල්ලෙහායින් මතක් කරන්න. 👇

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *