← BACKWeather

Northland හා Whangarei ට දින 7 ක හදිසි තත්වයක්!”Red Warning තත්වය සරලව නොගන්න”මීළගට රතු නිවේදන නිකුත් වන ප්‍රදේශ ගැන දැනගන්න?

BY DhanushPUBLISHED MARCH 26, 20261 MIN READ0 COMMENTS

නවසීලන්තය පුරා පැතිරෙන බලවත් කුණාටුවක් හේතුවෙන්, MetService පවසන්නෙ තවත් ප්‍රදේශ කිහිපයක් ඉක්මනින්ම “රතු (දැඩි වර්ෂා) අනතුරු” ලෙස ඉහළ දැමීමට ඉඩ ඇති බවයි. මේ අතර, Northland සහ Whangārei ප්‍රදේශවලට දැනටමත් දින 7ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

වර්ෂාව සමහර ප්‍රදේශවල අඩුවීමක් දක්නට ලැබුනත්, අනෙත් අතට අලුත් ප්‍රදේශ ගණනාවක් දැඩි අවදානමකට ලක්වෙමින් පවතිනවා.

⚠️ දැනට අවදානමට ලක්ව ඇති ප්‍රධාන ප්‍රදේශ මොනවාද?

🌊 1) Tauranga (ටෞරංගා)
👉🏻දැඩි වර්ෂාව හේතුවෙන් නායයෑම් (landslides) අවදානම ඉහළයි.
👉🏻දැනට Orange Warning ක්‍රියාත්මකයි → Red Warning වෙන්න ඉහළ අවස්ථාවක් පවතිනවා.
👉🏻Mauao ප්‍රදේශය ආශ්‍රිත මාර්ග කිහිපයක්ද මේ වන විට වසා ඇත.

නිලධාරීන්ගේ උපදෙස්:
⚠️ ඔබට නායයෑමක් ගැන සැකයි නම් ක්ෂණිකව එම ස්ථානයෙන් ඉවත් වන්න.
⛰️ උසස් භූමියකට ගොස් ජීවිතය ආරක්ෂා කරගන්න.

🌧️ 2) Bay of Plenty
👉🏻180mm දක්වා වර්ෂාවක් බලාපොරොත්තු වෙයි.
👉🏻මාර්ග වසාදැමීම් සහ ජල ගැලීම් ඇතිවිය හැක.

ජනතාවට උපදෙස්:
🏠 හැකි නම් නිවෙස් තුළම රැඳී සිටින්න.
⚠️ පස් කඩා වැටීම් පිළිබඳ අවධානයෙන් සිටින්න.

🌦️ 3) Coromandel Peninsula
👉🏻Orange Warning → Red Warning වෙන්න ඉහළ අවස්ථාවක් පවතියි.
👉🏻120mm – 200mm දක්වා වර්ෂාවක් වැටිය හැක.
👉🏻කදු කඩා වැටීම් සහ ජල ගැලීම් අවදානම ඉතා ඉහළයි.

🌧️ 4) Auckland
👉🏻නගරය පුරා වර්ෂාව සමග දැඩි සුළං අනතුරු (Orange Warning)
⚠️ Red Warning වීමේ අවදානම අඩු නමුත් සම්භාවිතාවක් ඇත.

ජනතාවට උපදෙස්:
🛑 ජල ගැලීම් සඳහා සූදානම් වන්න.
📱 MetService සහ NZTA යාවත්කාලීන කිරීම් බලන්න.

🌧️ 5) Nelson / Tasman
👉🏻සමහර ප්‍රදේශවල 250mm දක්වා වර්ෂාවක් ඇදහැලෙයි.
👉🏻Red Warning වෙන්න ඉහළ අවස්ථාවක් ඇත.
⚠️ ගංගා සහ මාර්ග ආසන්නයේ ගමන් කිරීමෙන් වළකින්න.

🌧️ 6) දකුණු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ
Richmond, Bryant ranges, Westland, Canterbury, Otago වෙත
👉🏻90mm දක්වා වර්ෂාවක් ඇදහැලීමට නියමිතයි.
👉🏻Red Warning වෙන්න අවස්ථාව අඩුයි, නමුත් අවධානය අවශ්‍යයි.

🚨 “Red Warning” තත්වය සරලව නොගන්න!

ජාතික ආපදා කළමනාකරණ ආයතනය (NEMA) අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා සිටියේ:

❗ Red Warning කියන්නේ ඉතාමත් භයානක කාලගුණයක්
🌊 ජල ගැලීම්, 🪨 කදු කඩා වැටීම් → ජීවිත හානි වෙන්න පුළුවන්.
🚫 අනවශ්‍ය අවදානම් ගන්න එපා.
🆘 ඔබව බේරාගන්න එන සේවකයන්ව අමාරුවෙ දාන්න එපා.

📌 අවසාන වශයෙන්….

කුණාටුව තවමත් අවසන් වෙලා නැහැ. අදට බලපාන ප්‍රදේශ වලින් අනෙක් ප්‍රදේශවලටත් අනතුර පැතිරෙමින් පවතිනවා.
👉 ඒ නිසා, ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන්න, නිල නිවේදන අනුගමනය කරන්න.

0 Comments

Leave a Reply

Your email address will not be published.Required fields are marked *